නවතම පුවත්

කොරෝනා සමයේ, යුරෝපයේ, වංචා දූෂණයන් බරපතල ලෙස ඉහළ ගිහින් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට යුරෝපාකරය තුල  වංචා දූෂණයන් කැපී පෙනෙන ලෙස  ඉහළ ගොස් ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) සංවිධානය අනාවරණය කර සිටී .

විශේෂයෙන්ම යුරෝපා රටවල , සෞඛ්‍ය  ක්ෂේත්‍රය තුල මෙසේ වංචා දූෂණයන්  සිදුවීම බරපතල ලෙස ඉහල ගොස් ඇති බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නිකුත් කල නවතම සමීක්ෂණ  වාර්තාවක දැක්වේ .

මෙම සමීක්ෂණය සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් 27ක පුද්ගලයින් 40000කට ආසන්න පිරිසක් සහභාගී කරවාගෙන ඇති අතර පසුගිය වසරේ අවසන් මාස තුනක කාලය මෙහිදී විමර්ශනයට ලක්ව ඇත .

යුරෝපා වැසියන්ගෙන් 29% කට ආසන්න පිරිසක් වෛද්‍ය සේවා හා කොවිඩ්  එන්නත් ලබාගැනීම සඳහා තම, පුද්ගලික සබඳතා  භාවිතා කර ඇති බව මෙම සමීක්ෂණයේදී  අනාවරණය වී ඇත .

එසේම යුරෝපා වැසියන්ගෙන් 6% ක් පමණ මෙම සේවා ලබාගැනීමට අල්ලස් මුදල් ලබාදී ඇති බවද  මෙහිදී අනාවරණය වී ඇත .

මෙම සමීක්ෂණයට අනුව, ප්‍රංශයේ , පෝලන්තයේ හා ස්පාඥයේ පුරවැසියන්ගෙන් 60 % කගේම අදහස් වී ඇත්තේ  තම රටවල වෛද්‍ය සේවාවන් මෙන්ම  එන්නත්කරණ වැඩපිළිවෙල පවා ,මේ වනවිට දූෂිත තත්වයකට ඇද වැටී ඇති බවයි .

මෙලෙස යුරෝපයේ ,බොහෝ රටවල ,  එන්නත් අත්‍යාවශ්‍ය පුද්ගලයින්ට පෙර , පුද්ගලික සබදතා හා අල්ලස් භාවිතා කර වෙනත් පුද්ගලයින් කොවිඩ් එන්නත ලබාගන්නා බවත් මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත .

Greece 'most corrupt' EU country, says survey

මෙලෙස තම පුද්ගලික සබඳතා භාවිතා කිරීම වැඩිපුරම සිදුව ඇති යුරෝපා රටවල් ලෙස චෙක් ජනරජය හා පෘතුගාලය හඳුනාගෙන ඇති අතර , ප්‍රතිශතයක් ලෙස එම අගය 50 % ඉක්මවා ගොස් ඇත .

අල්ලස් දීම අතින් ඉහලින්ම සිටින රටවල් ලෙස රුමේනියාව හා බල්ගේරියාව හඳුනාගෙන ඇති අතර පිලිවෙලින් එම අගය ප්‍රතිශතයක් ලෙස 22% හා 19% ලෙස දැක්වේ.

මේ අනුව යුරෝපා රටවල පාලනාධිකාරි මේ මොහොතේ වහාම ,මෙම සෞඛ්‍ය යාන්ත්‍රණය හා එන්නත්කරණ වැඩපිළිවෙලවල් , විනිවිද පෙනෙන හා සාධාරණ ආකාරයකට ක්‍රියාත්මක කිරීමට මැදිහත්විය යුතු බව ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය තම වාර්තාව මගින් අවධාරණය කර ඇත .

විශේෂයෙන්ම පෝලන්තය හංගේරියාව ප්‍රමුඛ යුරෝපා රටවල් කිහිපයකම පාලනාධිකාරි , කොවිඩ් වසංගතයට මුවාවී , ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ආකාරයෙන් කටයුතු කරන බවද මෙම වාර්තාවේ දක්වා ඇත .

එසේම ජර්මනිය වැනි  යුරෝපාකරයේ බලවත්ම රාජ්‍යයන්හි  දේශපාලනඥයින් , මෙම කොවිඩ් වසංගතය ,”ලාභ ඉපැයීමේ අවස්ථාවක් ” ලෙස සලකා කටයුතු කරන බවද මෙම වාර්තාවේ අවධාරණය කර ඇත .

මෙම මෙම විමර්ශනයට අනුව ජර්මනියේ  සෑම පුරවැසියන් සිව් දෙනෙක්ගෙන්ම එක් අයෙකු ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට තම රටතුල දූෂණය වංචාව ඉතා  බරපතල ලෙස ඉහලගොස් ඇති බවයි .

මෙම සමීක්ෂණ වාර්තාව හරහා පෙන්නුම්කෙරෙන්නේ මෙම යුරෝපා රටවල මතුපිටින් පෙනෙන්න ඇති තත්වය පමණක් වන බවත් , එම රටවල සැබෑ තත්වය මීටත්  වඩාත් බරපතල විය හැකි බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් සංවිධානයේ ජර්මානු ශාඛාවේ ප්‍රධානී  Hartmut Bäumer. මහතා සඳහන් කර ඇත .

මේ පිළිබඳව DW News පුවත් සේවයේ පළවූ ලිපියක් මෙතනින් ,

 

(පැතුම් වික්‍රමරත්න) 

([email protected])

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්