කොරෝනා වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කල රටවල් කිහිපය අතරට එක්වීමට ශ්‍රී ලංකාව වාසනාවන්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.
ලෝකයේ වඩාත් පහසුකම් සහිත සංවර්ධිත රටවල් එක්ක සසඳා බලන කල ශ්‍රී ලංකාව මෙම වෛරසය පාලනය කිරීම අතින් ඉදිරියෙන් පසුවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය පැවසීය .
ශ්‍රී ලංකාව මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය පියවරයන් නිසි ලෙස ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවද පෙන්සේ මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කලාය.