නවතම පුවත්

තමන්ටම අනන්‍ය වූ GIF නිර්මාණය කිරීමේ නවතම විශේෂාංගයක් වයිබර් හඳුන්වා දෙයි

අසංක

අසංක

 

– බිලියනයක් වන වයිබර් භාවිත කරන්නන් හට boomerang සහ reverse modes ආදී පහසුකම් සහිතව තමන්ගේම GIF නිර්මාණය කිරීමේ හැකියාව උදාවෙයි

2020 ජුලි 6, කොළඹදී – ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වයිබර් සිය අලුත් ම තාක්ෂණික විශේෂාංගය ලෙස වයිබර් හරහා GIF නිර්මාණය කිරීමේ පහසුකම හඳුන්වාදුනි. ඒ අනුව වයිබර් භාවිතකරන්නන් හට තමන්ට කැමැති ආකාරයට GIF නිර්මාණය කරමින් සහ ඒවා මිතුරන් හා පවුලේ සාමාජිකයින් සමඟ හුවමාරු කරමින් විනෝද වීමේ අවස්ථාව දැන් උදා වී ඇත.

මේ වන විට ලොව පුරා වේගවත් කෙටි පණිවුඩ සේවාවන් කෙරෙහි විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින අතර, වයිබර් මෙම නව විශේෂාංගය හඳුන්වාදෙන්නේ ඉකුත් මාසයේදී හඳුන්වා දුන් Group Video Call විශේෂාංගයට අතිරේක වශයෙනි. ඊට අමතරව වයිබර් තම group chats සේවාව 250 දෙනෙකු දක්වා ද, group voice calls පහසුකම 20 දෙනෙකු දක්වා ද ප්‍රසාරණය කිරීමට පියවර ගෙන තිබේ. නවතම GIF නිර්මාණය කිරීමේ පහසුකම දැනට iOS දුරකථන සඳහා එළිදක්වා ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ මෙම පහසුකම ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙත ද හිමි වේ.

කෙටි පණිවුඩයක් හරහා කෙනෙකු පවසන දෙයක් සැබෑ ස්වරයෙන් ම ග්‍රහණය කරගත නොහැක. ඉමෝජී භාවිතයෙන් එම අභියෝගය යම් පමණකින් ජයගත හැකි නමුත්, එය ද සීමාවන්ට යටත් ය. මෙම පසුබිම යටතේ දැනටමත් වයිබර් සතු වෙනස් කළ හැකි ස්ටිකර් විශේෂාංගයට අමතරව, අලුතින් හඳුන්වා දෙන GIF විශේෂාංගය මගින් මෙම තත්ත්වය වෙනස් කරමින් කෙටි පණිවුඩ සන්නිවේදනය අන් කවරදාටත් වඩා පහසු සහ නිවැරදි සේවාවක් බවට පත් කරනු ඇත.

මෙම විශේෂාංගය හරහා ඕනෑම වයිබර් භාවිත කරන්නෙකුට ඇප් එකේ ඇතුළත් නව කැමරාව හෝ තම දුරකථන ගැලරියේ ඇති වීඩියෝවක් හෝ තෝරාගෙන එය වයිබර් GIF නිර්මාණයක් ලෙස වැඩිදියුණු කළ හැක. එහිදී boomerang, fast play, හෝ reverse ආකාරවලට GIF සැකසිය හැක.
වීඩියෝවක් GIF නිර්මාණයක් බවට පෙරළීමට අනුගමනය කළ යුත්තේ සරල පියවර කිහිපයකි.

• GIF මගින් නිරූපණය විය යුතු වීඩියෝවේ හොඳ ම කොටස වෙන් කරගන්න.
• GIF නිර්මාණය සඳහා සුදුසු පරිදි boomerang, endless looping, reverse mode, slow-play, සහ x2 හෝ x4 fast-play වැනි නිර්මාණ ආකෘති යොදාගන්න.

• GIF නිර්මාණය විවිධ අකුරු සහ වර්ණ රැගත් පාඨ වලින් ද, කුරුටු සහ ස්ටිකර් වලින් ද හැඩගන්වා ගන්න.

“විශේෂයෙන් ම මේ කාලයේදී වයිබර් භාවිත කරන්නන් කෙටි පණිවුඩ හරහා සන්නිවේදනයේ යෙදෙන නිසා විවිධ අයුරින් ඔවුන්ට තම හැඟීම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා කරදීමට අපි කැප වී සිටිනවා. වචන වලට ආදේශකයක් ලෙස ඉමොජි ක්‍රියා කරද්දී, GIF හෝ ස්ටිකර් මගින් සමස්ත වාක්‍යයක් ම ප්‍රකාශ කළ හැකියි. ඒ වගේම අපි හඳුන්වා දෙන GIF නිර්මාණය කිරීමේ පහසුකමත් සමඟ වඩාත් නිවැරදිව සහ වැඩි විනෝදයකින් යුතුව එය සිදුකිරීමේ හැකියාව වයිබර් භාවිත කරන්නන්ට උදාවෙනවා” යනුවෙන් වයිබර් හි ප්‍රධාන විධායක නිලධාරී ඔෆිර් එයාල් මහතා පැවසීය

Rakuten Viber පිළිබඳව:

රකුටෙන් වයිබර් සමාගමේ අරමුණ වන්නේ පුද්ගල සම්බන්ධතා වැඩිදියුණු කිරීමයි. ලොව ඕනෑම තැනක සිටින ඕනෑම පුද්ගලයෙකුට වයිබර් සේවාව ලද හැකිය.

මෙසේ ගෝලීය භාවිත කරන්නන් සියලුදෙනාට කෙටි පණිවුඩ, වීඩියෝ ඇමතුම්, කණ්ඩායම් අතර කෙටි පණිවුඩ, තමන් වඩාත් කැමැති වෙළෙඳ නාම සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ නවතම තොරතුරු ලබාගැනීම, සන්නිවේදනය කිරීම ආදී සේවාවන් රැසක් හිමිවේ. වයිබර් භාවිත කරන සියල්ලන් හටම ආරක්ෂාකාරී සහ නිදහස් වටපිටාවක තම හැඟීම් අන්‍යයන් හා බෙදාගත හැකි බව ද අපි සහතික කරන්නෙමු.

Rakuten Viber යනු ලොව ප්‍රධාන පෙළේ ඊ වානිජ්‍ය සහ මූල්‍ය සේවා සමාගමක් වන Rakuten Inc. සමාගමේ අනුබද්ධ ආයතනයකි. බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරු ද වන වයිබර් සමාගම, සුප්‍රකට අමෙරිකානු පැසිපන්දු කණ්ඩායමක් වන Golden State Warriors පිළේ calling app සහකරු ද වේ. ඔබත් අදම වයිබර් ලෝකයට පිවිස ලොව උසස්ම සන්නිවේදන සේවා අත්දැකීම රිසි සේ විඳගන්න.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි