කොරෝනා සැක රැඳවූවකු මීගමුව රෝහලේ උඩුමහලින් පැන මරුට

Picture of අසංක

අසංක

මීගමුව බන්ධනාගාරයේ සිට උණ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට මීගමුව රෝහලට රැගෙන විත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවූවෙක් අද (14) උදෑසන රෝහලේ 8 වැනි මහලෙන් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ.

ඔහු රඳවා තිබී ඇත්තේ 8 වැනි මහලේ පිහිටි කොවිඩ්-19 සැක රෝගීන්ට ප්‍රතිකාර ලබන වාට්ටුවේ ය.

ඔහු PCR පරීක්ෂාවට යොමු කිරීමට නියමිතව තිබුණි.

ඔහු කටාන පදිංචිකරුවෙකි.

මත්කුඩු චෝදනාවකට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කොට තිබී ඇත.

සැකකරු රෝහලට රැගෙනවිත් ඇත්තේ පෙරේදා ය.

ඔහු අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවෙකි.

ඔහුගේ ආරක්ෂාවට බන්ධනාගාර නිලධාරීන් ද යොදවා තිබී ඇත.