නවතම පුවත්

කොරෝනා සුවවූවන්ගේ සිරුරේ එම ප්‍රතිශක්තිය දශක ගණනක් පවතින බවට අනාවරණයක්

අසංක

අසංක

කොරෝනා වෛරස රෝගය වැළදී සුවවූවන්ගේ ශරීර තුල එම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය දශක කිහිපයක් වුවද පැවතිය හැකි බව ඇමරිකානු විශේෂඥයින් පිරිසක් කල පර්යේෂණයකින් අනාවරණය වී ඇත .

කොරෝනා වෛරසය ආසාධනය වී මාස අටකට පමණ පසුවත්, බොහෝ පුද්ගලයින් තුල , එම වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ඉතා ප්‍රබල මට්ටමක පවතින බව , මෙම පර්යේෂණය මෙහෙයවූ ඇමෙරිකාවේ ප්‍රතිශක්තීකරණය පිලිබඳ විද්‍යා ආයතනයක් වන “ලා ජෝලා” ආයතනයේ විද්‍යාඥ ෂේන් ක්‍රොට්ටි මහතා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට සඳහන් කර ඇත .

” මෙම වෛරසය ආසාධනය වී සුවවුණු පුද්ගලයින් පිලිබඳ දත්ත රාශියක් අධ්‍යයනය කිරීමෙන් අපට පෙනීගියේ , එම අසාධිතයින් බොහෝ දෙනෙකු තුල ඇති ප්‍රබල ප්‍රතිශක්තීකරණයක් ගොඩනැගී ඇති බවයි . ඒ අනුව යලි ඔවුන්ට කොරෝනා වෛරසය වසර ගණනාවක් යනතුරු ආසාධනය නොවනු ඇති බව අනුමාන කල හැකියි” යයිද ෂේන් කොට්‍ර් මහතා මෙහිදී සඳහන් කර ඇත .

කොරෝනාවට එරෙහි එන්නත සම්භන්ධවද තිබු ගැටළු කිහිපයක්ම මෙම පර්යේෂණය හරහා විසදී ඇති බවත් ක්‍රොට්ටි මහතා සඳහන් කර ඇත .

” කොරෝනා එන්නත මගින් ඇතිකරන ප්‍රතිශක්තිය වසරකට පමණ සීමාවනු ඇති බවටත් ඒ අනුව එය වසරක් පාසා ලබාදීමට සිදුවනු ඇති බවටත් තිබු මතය අපගේ පර්යේෂණය හරහා බිඳ වැටෙනවා . එය අප කාටත් සුභ ආරංචියක් ” යයිද ක්‍රොට්ටි මහතා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට සඳහන් කර ඇත .

වතමන් නව කොරෝනා වෛරසයට සමාන , සාර්ස් වෛරසය ආසාධනය වී සුවවූවන් තුල වසර විස්සකට පමණ පසුවත් ඊට එරෙහි ප්‍රතිශක්තිය පවතින බව මෙම පර්යේෂණවලදී අනාවරණය වී ඇත .

වොශින්ග්ටන් විශ්වවිද්‍යාලය හා ඇරිසෝනා විශ්වවිද්‍යාලය සිදුකල පර්යේෂණ කිහිපයකින්ද , ලා ජෝලා විද්‍යා ආයතනයේ පර්යේෂණයට සමාන ප්‍රතිඵල හා නිරීක්ෂණ ලැබී ඇති බවද නිඑ යෝර්ක් ටයිම්ස් පුවත් පත සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්