කොරෝනා හැදුණු අමිතාබ්ට සුවයි

Picture of අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් අද සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

77 හැවිරිදි ඔහු තමන් වෙනුවෙන් කැප වූ සෞඛ්‍ය අංශවලටත්, තමාට සුවය පැතූ සියලුම දෙනාටත් ස්තූතිය පළ කළ බවට ද එම වාර්තාවල දැක්වේ.

කෙසේ වෙතත් ඔහුගේ පුත්‍රයා වන සුපිරි නළු අභිෂේක් බච්චන් , ලේලිය වන අයිශ්වර්යා රායි සහා මිනිබිරිය තවමත් කොරෝනා අසාධිතව ප්‍රතිකාර ලබමින් සිටී