නවතම පුවත්

මහනගර සංවර්ධන – නිවාස අධිකාරියේ මහා පරිමාණ මුල්‍ය වංචා ගැන විමර්ශන ඇරඹේ

අසංක

අසංක

යහපාලන ආණ්ඩුවේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් මිලියන ගණනක අක‍්‍රමිකතා සම්භන්ධව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී සිදුවී ඇති රුපියල් මිලියන ගණනක් වන මෙම අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවත් , ඒ අනුව මේවනවිට පරීක්ෂණ ආරම්භවී ඇති බවත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය, ඉංජිනේරු ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා ප‍්‍රකාශ කර සිටී

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ පහුගිය දා අමාත්‍යාංශයේ ශ‍්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ම් ආචාර්ය, ඉංජිනේරු ප‍්‍රියත් බන්දු වික‍්‍රම මහතා,මෙසේද පැවසීය

”මේ අමාත්‍යාංශය යටතේ පහුගිය කාලේ පුරාවට අති විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රචාරණ වියදම් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය හරහා උත්සව සහ ප්‍රචාරක වියදම් වෙනුවෙන් රු.මි. 347 ක් අමාත්‍යාංශයෙන් රු.මි. 123 ක් ඒ වගේම අපේ ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව හරහා මිග 119 කුත් මි. 570 කට ආසන්න මුදලක් ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් වෙනුවෙන් වියදම් කරලා තියෙනවාග රටේ මුදල් නාස්ති කරන්නෑ කියලා කියපු සමහර අය ඒවා භාවිතා කරලා තියෙන ආකාරය ඒවා දිහා බැලුවාම සහ ඒ ප්‍රචාරක ව්‍යාපෘති වල සංචාරක ප්‍රචාරණය පිළිබඳව ලබා දෙනවා කියලා කිව්වට ඒ ප්‍රචාරණය මොකද්ද කියලා ඔබට හිතාගන්නට පුළුවන්ග ඊට අමතරව නිවාස අමාත්‍යාංශය යටතේත් යම් යම් කාරණා කිහිපයක් තියෙනවා අපි ඇත්තටම නිවාස අමාත්‍යාංශයේ සිද්ධ වෙච්ච කටයුතු සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කරලා තියෙනවාග ඒ අභ්‍යන්තර විගණන පරීක්ෂණයට අනුව අණාවරණය වෙලා තියෙනවා මේ නිවාස අමාත්‍යාංශය යටතේ නිවාස ණය ආධාර ලබාදීමේදී අක්‍රමිකතාවයන් විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවාග ඒක ඇත්තටම ගත්තාම මේවායේ ආකාර කිහිපයකට ඒ කියන්නේ සමහර අවස්ථා වල කිසිදු සොයා බැලීමකින් තොරව නිවාස ණය ලබා දීලා තියෙනවාග එක නිවාස ණයක් තියෙන කෙනෙකුට ඒ ණය ගෙවන්න තව නිවාස ණය ලබාදීලා තියෙනවාග ඊට අමතරව අවිධිමත් ස්ථාන වල නිවාස හදලා තියෙනවාග සමහර නිවාස ව්‍යාපෘතිවල ඒ මුදල් දීපු අය පිළිබඳව තොරතුරු අනාවරනය කරගෙන තියෙනවාග මේ වගේ ආකාර වලින් විශාල මුදල් අවභාවිතාවක් වෙලා තියෙනවාග මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නීත්‍යානුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවාග ඒ වගේම ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව හරහා සිදුවුනු යම් යම් දේවල් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන පරීක්ෂණ සිද්ධ කරලා මේ වෙනකොට අපි ශ්‍රී ලංකා පොලිසීය හරහා ඒ ඉදිරි විමර්ෂන කටයුතු සිදු කරන්න අවශ්‍ය මූලික පියවර අරන් තියෙනවා.

මිලදී ගැනීම් වලදී සිද්ධ වෙච්ච අඩුපාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා සමහර අවස්තා වලදී අධ්‍යක්ෂක මණ්ඩලය කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව මිලදී ගැනීම් කරලා තියෙනවාග මං දන්නේ නෑ මේ වගේ දේවල් කොහොම කරන්න පුළුවන්ද කියලා. අධ්‍යක්ෂක මණ්ඩලයකටග දැන් කිසිම අවස්ථාවක සභාපතිතුමාට පුළුවන් අධ්‍යක්ෂ මණ්ඩල කැබිනට් අනුමැතියට යටත්ව යම් යම් දේවල් කරන්න.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්