කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට ඊයේ දිනයේදී තහවුරු වූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියගේ පාසලේ ඉගෙනුම ලබන සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ නිවෙස් තුලටම වී සිටින ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී ඇත.
මෙම සිසුවිය අධ්‍යාපනය ලැබු එම පාසැලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ සහ උගන්වනු ලැබූ ගුරු භවතුන්ගේ PCR පරීක්ෂණ සිදුකිරීමටද නියමිතව ඇත.
එලෙස PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත අයවළුන් ගේ ලැයිස්තුව පාසලේ විදුහල්පතිවරයා විසින් අද දිනයේදී ලබාදීමට නියමිත බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර අත