කොරෝනා හැදුණු කන්දකාඩු උපදේශකවරයෙකුට සුවයි

Picture of අසංක

අසංක

කොරෝනා ආසාදනය විමෙන් කොළඹ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු මේ වනවිට සුවය ලබා නිවසට පැමිණි ඇති බව වාර්තාවේ.

හබරාදුව, හිනටිගල ප‍්‍රදේශයේ පදිංචි උපදේශකවරයෙකු මෙසේ සුවය ලබා ඇත.

මෙම උපදේශකවරයාට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි කළ PCR පරික්ෂණයේදී ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඉන් පසු ඔහු ප‍්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර මෙම උපදේශකවරයාගේ බිරිද ඇතුළු සමිප ආශ‍්‍රිතයින් 21 දෙනෙකු ලබන බදාදා (22) දෙවැනි වරටද PCR පරික්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇත.

ඔවුන්ගේ පළමු PCR පරික්ෂණයේ දී මෙම උපදේශකවරයාගේ සමිප ආශ‍්‍රිතයින් කිසිවෙකුටවත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවි ඇත.