නවතම පුවත්

කොරෝනා වසංගතය: Updates

අසංක

අසංක

? තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගෙන තිබේ. මේ වනවිට මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 10කි.

? ශ්‍රී ලංකාව: මෙරටින් හමුවූ 8 වැනි කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයා ද ඉතාලියේ සිට පැමිණි ලාංකිකයෙක් බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කරයි.

? ශ්‍රී ලංකාව: අද සිට සති 2ක කාලයක් කොළඹ අගරදගුරු පදවිය සහ හලාවත රදගුරු පදවියට අයත් සියලුම කතෝලික දෙව්මැදුරු තුළ දේව මෙහෙයන් නොපැවැත්වීමට තීරණය කෙරේ.

? ශ්‍රී ලංකාව: මින් ඉදිරියට ජනතාව රැස්වන අවස්ථා සංවිධාන කිරීම සඳහා පොලීසියේ අවසරය ලබාගත යුතු බව, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියයි.

? ශ්‍රී ලංකාව: ඉතාලියේ සිට ආ තවත් ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ඇතැයි තහවුරු වේ. ඔවුන් 44 හා 43 හැවිරිදි අයයි.

? ශ්‍රී ලංකාව: ලාංකික කොරෝනා රෝගීන් 7 දෙනාගෙන් 6ක්ම ඉතාලියේ සිට පැමිණි අයයි.

? කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයන් 103 දෙනකු රෝහල් 16ක අධීක්ෂණය කෙරෙමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

? ගෝලීය: කොරෝනා ආරම්භ වූ චීනය මෙන්ම කොරියාවේ තත්ත්වය යහපත් වන ආකරය සහ ඉතාලියේ වර්ධනය – ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කරන ලද අද වනවිට කොරෝනා වසංගත ගෝලීය තත්ත්වය

? අමෙරිකාව: සිය ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය සේවා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් ඇතුළු සේවකයින්ට සඳුදා සිට සියලුම දේශීය සංචාර නතර කෙරේ. රට තුළ ගමන්, දුම්රිය ස්ථීර වෙනස් කිරීම සහ තාවකාලික රාජකාරි මෙයට ඇතුළත් ය. ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් සේවකයින් බඳවා ගැනීම ද නවතා දමනු ඇත.

? නවසීලන්තය: අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් නිවේදනය කරන්නේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා “ලෝකයේ ඕනෑම කෙනෙකුට දැඩි දේශ සීමා” ක්‍රියාත්මක කරන බවයි.

? එංගලන්තය: නව කොරෝනා වසංගතය හේතුවෙන් ලබන අප්‍රේල් 26 පැවැත්වීමට සූදානම් වූ සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගය ඔක්තෝබර් 4 වැනිදා තෙක් කල්දැමේ. 1981 වසරේ ආරම්භ වූ ලන්ඩන් මැරතන් තරගය කල් දැමු ප්‍රථම අවස්ථාව මෙයයි.

? සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස්වලට ගරු කරමින් ඉදිරි දින 14 තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ දේශපාලන රැස්වීම් හැකිතාක් දුරට සීමාකර මහජන ආරක්ෂාවට ප්‍රමුඛත්වය. – නාමල් රාජපක්ෂ

? ශ්‍රී ලංකාව: දිවයිනේ සියලුම සිනමා ශාලා අද (14) සිට යළි දැනුම් දෙනතුරු වසා දැමේ – සංස්කෘතික කටයුතු අමාත්‍යංශය

? ශ්‍රී ලංකාව: කොරෝනා වෛරස් රෝගය පිළිබඳව වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබන්නේ රජයේ රෝහල්වල පමණක් බැවින් පෞද්ගලික රෝහල්වලට ඊට අවසර දී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

? ශ්‍රී ලංකා: මෙරට සංචාරයෙන් පසු කටුනායක ගුවන් තොටුපලේ සිට පෝලන්ත සංචාරකයින් සිව්දෙනෙකු කොරෝනා වයිරස් රෝග ලක්ෂණ හේතුවෙන් අයි.ඩී.එච්. රෝහල්ගත කෙරේ.

? අමෙරිකාව: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකු සමූහය (WB) සිය වොෂිංටන් මූලස්ථාන කාර්ය මණ්ඩලයට නිවසේ සිට රාජකාරි කරන ලෙසට උපදෙස් දී තිබේ. ඒ IMF සේවකයකුට කොරෝනා ආසාදනය වීමත් සමඟයි. සම්පූර්ණ විස්තරය https://thecolomboexpress.com/27448

? සෞදි අරාබිය: සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් සති 02කට සෞදි රජය අත්හිටුවයි.

? අමෙරිකාව: මිලියන 240 කට අධික ජනතාවට වේගයෙන් නව කොරෝනා වෛරසය පැතිර යනු ඇති බවත් ලක්ෂ 5ක් පමණ මිය යනු ඇති බවත් අනතුරු අඟවමින් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ. සම්පූර්ණ විස්තරය https://thecolomboexpress.com/27440

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි