කොවිඩ් එන්නත් ලබාදීම ඉදිරියේදී හඳුනාගත් රෝහල් මගින් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට යෝජනා කර ඇත .
මේ හරහා දවසේ වැඩි කාලයක් මේ රෝහල්වලින් එන්නත් ලබා ගැනීමට ජනතාවට ඉඩ සැලසෙන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත .
මේ යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ , ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ය.
ජුලි මස මුල සිට සැප්තැම්බර් දක්වා සයිනෝෆාම්,සයිනෝවෙක්, sputnik ඇතුළු එන්නත් මිලියන 17 කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.
එම එන්නත් රටපුරා වැඩි පිරිසකට කෙටි කාලයක් තුළ ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී තිබේ.