නවතම පුවත්

කොවැක්ස් යටතේ ලැබුණු පළමු එන්නත් තොගය වැඩිහිටියන්ට ලබන සතියේ සිට

අසංක

අසංක

කොවැක්ස් පහසුකම යටතේ යුනිසෙෆ්‌ විසින්‌ මිලදී ගන්නා ලද අද මෙරටට ගෙන ආ එන්නත්‌ මාත්‍රා 264,000 ක්‌ වැඩිහිටි ජනගහනය සඳහා ප්‍රමුඛතාවය දෙමින් එන්නත්‌ කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්‌ ලබන සතියේ සිට ආරම්භ කරනු ඇත.

ඒ අනුව යුනිසෙෆ්‌ ආයතනය කොවැක්ස් පහසුකම හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පළමුවෙන්ම සම්පාදනය කිරීමට සැලසුම්‌ කර ඇති සමස්ත ඇස්ට්‍රා සෙනෙකා එන්නත්‌ ප්‍රමාණය වන මිලියන 1.44න්‌ කොටසක්‌ ලෙස මාත්‍රා 264,000ක තොගයක්‌ අද ශ්‍රී ලංකාව වෙත සම්පාදනය කර ඇත.

යුනිසෙෆ්‌ ආයතනයේ මූලිකත්වයෙන්‌ මෙම පහසුකම හරහා සම්පාදනය කර ඇති මෙම එන්නත්‌ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික විහිදුම්‌ හා එන්නත්කරණ සැලැස්ම තවදුරටත් ශක්තිමත්‌ කරයි.

ඉදිරි කාලය තුළදී මෙරය ජනගහනයෙන්‌ සියයට 20කට එන්නත්කරණ මෙලෙස ලබාදෙනු ඇත.

කොවැක්ස් යටතේ සැපයෙන මෙම පළමු මාත්‍රා 264,000 කොවිඩි-19 වසංගතයෙන්‌ වඩාත්‌ ම අවදානම්‌ සහගත බලපෑමකට ලක්ව ඇති ප්‍රදේශවල ජීවත්‌ වන අවුරැදු 60ට වැඩි වයස්‌ කාණ්ඩයට අයත්‌
පුද්ගලයන්ට එන්නත්‌ කෙරෙනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවැක්ස් පහසුකම අතර ඇති කර ගත්‌ ගිවිසුමේ කොටසක්‌ ලෙස සහ නිෂ්පාදකයන්ගෙන්‌ ලැබෙන පරදි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලැයිස්තුවෙන්‌ බලය පැවරෙන පරිදි මාත්‍රා මිලියන 1.44 යුනිසෙෆ්‌ ආයතනය විසින්‌ 2021 මැයි මස
අවසානය දක්වා අදියරෙන්‌ අදියර සම්පාදනය කෙරෙනු ඇත.

කොවැක්ස් පහසුකම වෙනුවෙන්‌ යුනිසෙෆ්‌ ආයතනයේ මූලිකත්වයෙන්‌ ක්‍රියාත්මක වන මෙම සැපයුම්‌ මෙහෙයුම විශාලතම ගෝලීය එන්නත්‌ ප්‍රසම්පාදන හා සැපයුම්‌ මෙහෙයුමක කොටසකි.

කොවැක්ස් පහසුකම යටතේ ලොව පුරා පිහිටි පහළ හා පහළ මැදි ආදායම්‌ රටවල්‌ 92කට කොවිඩි-19 එන්නත්‌ සම්පාදනය කරයි.

ලොව විශාලතම තනි එන්නත්‌ ගැනුම්කරු වන යුනිසෙෆ්‌ ආයතනය මේ වන විට 2021 වසරේ දී ගෝලීයව කොවිඩි-19
එන්නත්‌ බිලියන 2ක්‌ බෙදා හැරීමට සැලසුම්‌ කර ඇත.

එන්නත්‌ 264,000 ක්‌ පළමු වරට යුනිසෙෆ්‌ හරහා එමිරේට්ස්‌ ස්කයි කාගෝ හරහා ගෙනැවිත් ඇත.

එම්රේට්ස්‌, යුනිසෙෆ්‌ හි මානුෂීය ගුවන්‌ ගමන්‌ මුලපිරැම යටතේ ගිවිසුම්‌ අත්සන්‌ කර ඇති ප්‍රමුඛ ගුවන්‌ සමාගම්‌ දහයෙන්‌ යුනිසෙෆ්‌ සමග ඇති කර ගත්‌ ගිවිසුමේ කොටසක්‌ ලෙස, කොවිඩි-19 වසංගතයට
ප්‍රතිචාර දැක්වීම සඳහා කොවිඩි-19 එන්නත්‌, අත්‍යවශ්‍ය ඹෟෂධ, වෙද්‍ය උපකරණ සහ වෙනත්‌
තීරණාත්මක සැපයුම්වලට ප්‍රමුඛතාවය දීමට මෙම ගුවන්‌ සමාගමි කැපවී සිටී.

මෙම එන්නත් තොග ප්‍රවාහනයට
අනිවාර්ය උෂ්ණත්ව පාලනය ඒකක, ආරක්ෂාව සහ වැඩි ධාරිතාව, අවශ්‍ය සෑම ගුවන්‌ මාර්ග සදහාම මෙම ගුවන්‌ සමාගම්‌ විසින් සපයා ඇත.

පහසුකම යනු ලොව පුරා වෙසෙන සියල්ලන්ට ම කොවිඩි-19 එන්නත්‌ වෙත සමාන ප්‍රවේශයක්‌ සම්පාදනය කෙරෙන බව සහතික කිරීම සඳහා වූ ගෝලීය සභයෝගිතාවකි.

මෙම පහසුකම කොවිඩි-19 එන්නත්‌ ගණනාවක පරියේෂණ, සංවර්ධන හා නිෂ්පාදන කටයුතුවලට, මිල ගණන්‌ කතිකා කර ගැනීමට සහ සහභාගි චන සියලු රටවලට සමාන ප්‍රවේශයක්‌ සැලසීමට සභාය වෙයි.

කොවැක්ස් පහසුකම සම්බන්ධීකරණය කෙරෙන අතර ප්‍රසම්පාදනය, කාර්‍ය සම්පාදනය හා ගබඩාකරණය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ යුනිසෙෆ්‌ ආයතනය යි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්