කොවැක්ස් යටතේ ලැබෙන එන්නත් තොගයක් දිවයිනට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

කොවැක්ස් පහසුකම් යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා 380,000 ක් අද (04) හෝ හෙට (05) දිනයේදී දිවයිනට ලැබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 

මීට අමතරව  මැයි මාසයට පෙර කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා ලක්ෂ 14 ක් දිවයිනට ලැබීමට නියමිත බවද වාර්තාවේ .

 

කෙසේ වෙතත්  එන්නත් ලබා ගත්තද තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැනවූ සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත .

 

මේ අතර සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට තීරණය කර තිබේ.

 

මේ යටතේ සංචාරක ක්ෂේත්‍රයේ දෙලක්ෂ 50000 කට එන්නත් ලබා දීමට තීරණය කර ඇති බව වාර්තාවේ .

 

ලබන සතියේ සිට එම පිරිසට එන්නත්කරණය සිදු කිරිමට නියමිතය