නවතම පුවත්

කොවිඩ් අනතුර තවමත් පහව ගොස් නැහැ – හමුදාපති අනතුරු අඟවයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගතය තවමත් රට තුල සක්‍රීයව  පවතින බැවින් ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (01) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී රණවිරුවන් ට බූස්ටර් එන්නත ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් යුද හමුදාපතිවරයා එම අදහස් පළ කළේය.

වර්තමානයේ තිබෙන තත්ත්වය උදාකර ගනු ලැබුවේ ද ජනතාව බොහෝ කැපකිරීම් සිදුකර බව පැවසු යුද හමුදාපතිවරයා, ජනතාව බුද්ධිමත්ව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී කොවිඩ් ආසාදිතයින් යළි ඉහළ යා හැකි බව ද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,මෙසෙඩ් පැවසීය

“රටේ ජනතාව බොහෝ කැපකිරීම් කරලා තමයි මේ තත්ත්වය වුවත් අපට ලබාගැනීමට හැකි වුණේ. රටේ ජනතාව කොහොමත් බුද්ධිමත්. ඔවුන් ක්‍රියාකරපු විදියට තමයි මේ තත්ත්වයට හෝ පාලනය කරගැනීමට හැකි වුණේ. මේ වන විට රටේ ජනතාවගෙන් බහුතරයකට එන්නත් මාත්‍රා 2කම ලබාදීලා තියෙනවා වයස අවුරුදු 16ට වැඩි හා සියලුදෙනා මාත්‍රා එකක් හෝ ලබාදීලා තියෙනවා. මෙවැනි පසුබිමක් යටතේ කොවිඩ් ආසාදිතයින් 500ක් 600ක් හමුවන පසුබිමක දී අනිවාර්යයෙන් ම බුද්ධිමත්ව රටේ ජනතාව ක්‍රියාකළ යුතුව තිබෙනවා. එසේ නොවුණහොත් ඉදිරියේ දී මෙම කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩිවීමට පවා හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ම ඊයේ දිනයේ දී පළාත් අතර සංචරණ සීමාවන් මාස කිහිපයකට පසුව ඉවත් කරනු ලැබුවා. රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා විශේෂයෙන් ම සහනයක් වශයෙන් විවිධ සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. නමුත් ඒවා ඉවත් කිරීම කිසිසේත් ම කොවිඩ් රටෙන් ඉවත් වූ බවට සහතිකයක් නෙමෙයි. ඒ නිසා කොවිඩ් රටේ තිබෙන නිසා ආසාදිතයින් දිනපතා හමුවන නිසා රටේ ජනතාව බුද්ධිමත්ව සෑම අවස්ථාවකම අනිවාර්යයෙන් ම මුඛ ආවරණයක් පැලඳ නිවෙස්වලින් පිටතට පැමිණීම වැදගත් වෙනවා.”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්