නවතම පුවත්

කොවිඩ් අවදානම ගැන බලධාරීන් නිසිලෙස සන්නිවේදනය කලේ නැහැ – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

මෙරට කොවිඩ් අවදානම නිවැරදිව සහ විශ්වසනීය ලෙස ජනතාව වෙත සන්නිවේදනය කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී .

ජනතාව වගකීමක් නොමැතිව හැසිරෙන්නේ යැයි තවදුරටත් ඔවුන්ට බැන වැදීමෙන් ඵලක් නොමැති බවත්  ජනතාව ඒ ආකාරයෙන් හැසිරෙන්නේ බලධාරීන් අවදානම  සන්නිවේදනය කිරීමේදී දැක්වූ දුර්වලතා  හේතුවෙන් වන බවත් එම සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත අද පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

“අපි ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කරලා PCR වැඩිකරන එක ගැන කතා කළා, සංචරණ සීමා සම්බන්ධයෙන් කතා කළා, තුන්වෙනි එක තමයි අවදානම සන්නිවේදනය කිරීම. රිස්ක් කමියුනිකේශන්. සෞඛ්‍ය අමාත්‍යාංශයට සතුටු වෙන්න පුළුවන්ද තමන් හරියට අවදානම ජනතාවට සන්නිවේදනය කරනවා කියලා ? ඒක තමයි අපි අහන ප්‍රශ්නය.

මිනිස්සුන්ට අපි කොච්චර දොස් කිව්වත් මිනිස්සුන්ට අපි කොච්චර බැන්නත් ජනතාව වගකීමක් නැතිව හැසිරෙනවා කිව්වත් අපි ඇඟිල්ල දික් කරගන්න ඕනෙ අපි හරියට ජනතාවට අවදානම සන්නිවේදනය කරලා තියෙනවද ? ජනතාවට අපේ පද්ධතිය කෙරෙහි විශ්වාසය ගොඩනැඟෙන පරිදි අපි ඒ අවදානම සන්නිවේදනය කරලා තියෙනවද ? ඒ තොරතුරු අපි ජනතාවට දීලා තියෙනවද ? ඒකෙ බරපතළ අඩුපාඩු අපි දකිනව

දැනට කොහෙද අවදානම තියෙන්නෙ ? අපි කලින් ප්‍රකාශ කළා දැනට බස්නාහිර පළාතෙ තමයි කේන්ද්‍රය තියෙන්නෙ. නමුත් බස්නාහිර පළාතේ තිබුණු බරපතළකම දැන් වෙනකොට ටික ටික අනිත් පළාත් වලට ලීක් වෙන බව තමයි අපට පේන්න තියෙන්නෙ. උදාහරණයක් හැටියට මේ දෙවැනි රැල්ල වෙලාවෙ සමස්ත රෝගීන්ගෙන් 30%ක්ම වාර්තා වෙලා තියෙන්නෙ කොළඹ නගර සීමාව ඇතුළෙන්. සංඛ්‍යාත්මකව 12,500ක්ට එහා ගාණක්. සමස්ත කොවිඩ් මරණවලින් 55%ක් වෙලා තියෙන්නෙ කොළඹ නගර සීමාව ඇතුළෙ. වර්ග කිලෝමීටර් 65610ක් තියෙන රටේ වර්ග කිලෝමීටර් 30 – 40ක් ඇතුළෙ ප්‍රදේශයක තමයි සමස්ත මරණ වලින් 55%ක් වෙලා තියෙන්නෙ. දැන් මේවා දත්ත නෙවෙයිද ? මේවා ගැන හිතලා අපි තීරණ ගන්න ඕනෙ නැද්ද ?

අපි දකිනවා ඊට පස්සෙ මේ වගේම ජන ඝනත්වය තියෙන ප්‍රදේශ ගත්තාම ඒ ප්‍රදේශ වලත් මේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අමාරුකම් අපි දැක්කානෙ. නැගෙනහිර පළාතෙ ඇතැම් ප්‍රදේශ, බණ්ඩාරගම ප්‍රදේශයේ අටළුගම ප්‍රදේශය. දැන් මාස දෙකකට ආසන්න කාලයක් වෙනවා අටළුගම හුදෙකලා කරලා, දැන් තිබුණාට වඩා හොඳ තත්වයකට ඇවිල්ලා තියෙනවා. කලින් තිබුණු 30% – 40% මට්ටමේ පොසිටිව් රේට් එක දැන් 5% – 6%ට අඩුවෙලා තියෙනවා. ජනතාවගෙන් දැන් ලැබෙන සහයෝගයත් එක්ක ඒක හොඳ තත්වයක්. නමුත් මේ මොහොතෙදි බස්නාහිරින් එළියෙ ක්‍රියාත්මක වෙන අවදානම අපි සැලකිල්ලට අරගෙන – අපි දැක්කා රත්නපුර මැණික් වෙළඳපොල ආශ්‍රිතව ඇතිවෙච්ච තත්වය. PCR එකත් ප්‍රතික්ෂේප කරන තැනට සමහරු ගිහිල්ලා. දැන් මේ විදියට ජනතාව දිගින් දිගටම හැසිරෙන්නෙ මේ අවදානම හරියට ඒ අයට ග්‍රහණය වෙලා නැති හින්දා.

ඒ හින්දා මේ අවදානම ජනතාවට හරියට සන්නිවේදනය කරලා ඒ තැන්වල ජනතාවගේ සහයෝගය හරියට ගන්න අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන් වෙනස් කරලා ඉදිරියට ගමන් කළයුතුයි කියලා අපි විශ්වාස කරනවා”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්