කොවිඩ් අවදානම හමුවේ නගර තුනක් වැසේ

Picture of අසංක

අසංක

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නගර තුනක කඩසාප්පු වසා දමා ආරක්ෂක පියවරක් අනුගමනය කිරීමට එම නගරවල වෙළද සංගම් විසින් අද පියවර ගත්තේය.

ඒ බලධාරීන්ගෙන් නිසි ආරක්ෂක උපදෙසක් හෝ ප්‍රතිචාරයක් නොලැබුණු තැනය.

මාතලේ, සේරුනුවර සහ ඌව පරණගම ලුණුවත්ත යන නගර එසේ වසා දමා ඇත.

මාතලේ නගරයේ වෙළෙඳසැල්වල සේවකයින් 67 දෙනෙකුට වෛරසය ආසාදනය වීමත් සේරුනුවර නගරයේ අවමඟුල් උත්සවයක් ආශ්‍රිතව ඇතිවූ කොවිඩ් පොකුරක් සහ ලුණුවත්ත ආශිතව කොවිඩ් ආසාධිතයන් බහුල ලෙස හමුවීමත් සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත.

මාතලේ සහ ලුණුවත්ත නගරවල වෙළද සැල් සතියක කාලයක්ද, සේරුනුවර සති දෙකක කාලයක්ද මෙසේ වසා දැමෙනු ඇත.