කොවිඩ් අස්සේ මත්පැන් භාවිතය 25%කින් පහළට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව   මෙරට තුල  මත්පැන් භාවිතය පසුගිය 25% කින් පමණ පහළ බැස ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

කොවිඩ් වසංගත සමයට පෙර  මෙරට ජනතාව මත්පැන් පානය වෙනුවෙන් දිනකදී රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වැය කර ඇති නමුත් එම මුදල මේ වන විට රුපියල් කෝටි 35 දක්වා පහත බැස ඇතැයි දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වාදේ .

ආර්ථිකමය වශයෙන් පොදුවේ ජනතාවට ඇති අගහිගකම් මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතරම   .මත්පැන්වලින් ප්‍රතිශක්තිය අඩු වේ යැයි පැවසෙන මතය හා වැඩි වේලාවක් රැඳී සිටිමින් මත්පැන් පානය කළ හැකි අවන්හල් ,තානායම් හා හෝටල් තවමත් විවෘත නොවීම යන ආදී හේතුද මත්පැන් පානය අඩු වීමට බලපා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .