නවතම පුවත්

මින්නේරියේ වනජීවී නිලධාරියාට පහරදුන් හමුදා මේජර් අත්අඩංගුවට ගන්න උසාවියෙන් නියෝග

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

යුද හමුදා මේජර් ජනරාල්වරයකු ඇතුළු යුද හමුදා සාමාජිකයන් පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා  හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට ඊයේ(30) නියෝග කර තිබේ.

ඒ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර ඇත.

එම සිද්ධිය මෙසේය.

හබරණ මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් අලි පැටවෙකු පැහැර ගැනීමේ සූදානමක් සම්බන්ධයෙන් වනජිවි නිලධාරින් පසුගිය බදාදා සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබී ඇත.

මින්නේරිය  ජාතික උද්‍යානය ආශ්‍රිතව එම මෙහෙයුමේ යෙදී සිටි වනජීවි නිලධාරින් පිරිසකට වනෝද්‍යානයේ සිට පිට වූ යුද හමුදාවේ යැයි කියන කණ්ඩායමක් විසින් පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් වූ බවට පසුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් විය.

එම මෙහෙයුම අතරතුර පසුගියදා රාත්‍රියේ වනෝද්‍යාන මායිමේ ඊරිගම වෙල්යායේ සිට යුද හමුදා කැබ් රථ දෙකක් පිටවී ඇත. වනජිවි නිලධාරින් එම රථ ලුහුබඳිමින්, නවත්වන ලෙස සංඥා කර ඇතත්, ඒවා නොනවත්වාම ධාවනය කර ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

පසුව ඒ සම්බන්ධව මොරගස්වැව යුද හමුදා මාර්ග බාධකයේ නිලධාරින් ද දැනුවත් කිරීමට ද වනජිවි නිලධාරින් පියවර ගෙන ඇතත් ඔවුන් ද දැනුම්දී ඇත්තේ අදාළ කැබ් රථ නොනවත්වා ධාවනය කර ඇති බවටය.

වනජිවි නිලධාරින් නොනවත්වා කැබ් රථ ලුහුබැඳ ගිය බවත්, පසුව ඒවා අනුරාධපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් වෙත ගමන් කර ඇති බවත් වනජිවි නිලධාරින් පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ දැක්වේ.

පසුව, මේ සම්බන්ධයෙන් අදාළ කඳවුරේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ නිරත නිලධාරින් දැනුවත් කර වනජිවි නිලධාරින් යළි පැමිණ තිබුණි.

එසේ පැමිණෙන විට හබරණ – ටැම්පිට විහාරය අසල යුද හමුදා මාර්ග බාධකයේදී වනජිවි නිලධාරින්ගේ කැබ් රථ යුද හමුදාව විසින් නතර කර ඇත. එහිදී සිවිල් ඇඳුමින් සැරසී සිටි අයෙකු තමන් හමුදාවේ ප්‍රධානියෙකු බව පවසමින් තර්ජනය කළ බව ද පැමිණිල්ලේ සඳහන් වේ. එම සිදුවීමෙහි කොටසක් වනජිවි නිලධාරින් පටිගත කර තිබුණි.

අනතුරුව, වනජිවි නිලධාරින් මේ සම්බන්ධයෙන් හබරන පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්