කොරෝනා වෛරසය ආසාධිත මව්වරුන් විසින් බිහිකරන දරුවන්ගේ ශරීර තුළ එම වයිරසයට එරෙහි ප්රතිදේහ නිපදවෙන බව සිංගප්පූරු පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කරගෙන ඇත .
ගර්භනී කාන්තාවන්ට වෛරසය ආසාදනය වූවද බරපතළ රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරන බවද එම පර්යේෂකයින් මෙහිදී සොයාගෙන ඇත
ගර්භනී කාන්තාවන් පිරිසක් යොදාගනිමින් සිදුකළ පර්යේෂණයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර කොරෝනා වෛරසය මවගෙන් දරුවාට සම්ප්රේිෂණය වන බව සනාථ කෙරෙන කිසිදු තොරතුරක් අනාවරණය නොවූ බව ද පර්යේෂකයින් පෙන්වා දී ඇත