නවතම පුවත්

කොවිඩ් ආසාදිත මව බිහිකළ දරුවාට වෛරසය නෑ

අසංක

අසංක

කොවිඩ් ආසාදිත මවක් විසින් බිහිකළ දරුවාට වෛරසය ආසාදනය වී නැති බව ඇය ප්‍රතිකාර ලබන නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා අනාවරණය කර ඇත.

පසුගිය සිකුරාදා (31) ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට කොවිඩ් ආසාදිත මවක් විසින් දරුවෙකු බිහි කළ අතර මෙම සිසේරියන් සැත්කම සඳහා වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය සාමාජිකයින් 35 දෙනකු සහභාගි වීම විශේෂත්වයක් විය ..

ඩුබායිහි සිට පසුගිය 10 වැනි දා මෙරටට පැමිණි මෙම ගර්භනී මව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර ඇති අතර එහිදී කළ පීසීආර් පරීක්ෂණයේ දී ඇයට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

පසුගිය 23 වැනිදා මෙම ඒකකයට ඇතුළත් කළ ඇය සිකුරාදා (31) පස්වරුවේ ප්‍රසූත වේදනාවෙන් සිටින බවට වෛද්‍යවරුන් නිරීක්ෂණය කර තිබුණි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින ගැබිණි මවක් මෙරට දී දරුවකු බිහිකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

පසුව නිරෝගී තත්ත්වයේ සිටියද දරුවාගේ ජෛව සාම්පල කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර තිබුනු අතර .
එහිදී එම දරුවාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්