කොවිඩ් ආසාධන හා මරණ අතර පරතරය කැපී පෙනෙන ලෙස ඉහළ යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෛනිකව  කොවිඩ් රෝගයට ගොදුරුවන්නන්ගේ සංඛ්‍යාව  හා ඉන් මියයන සංඛ්‍යාව  අතර පරතරය මේ වනවිට කැපී පෙනෙන ලෙස ඉහළයමින් ඇති බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදේ .

මේ වනවිට ලොව දෛනික කොවිඩ් ආසාධිතයින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 36 ඉක්මවා ගොස් ඇති නමුත් දෛනික මරණ සංඛ්‍යාව පවතින්නේ 9000 සීමාවේය.

කොවිඩ් වසංගතය මතුවීමත් සමග ඉහලම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා වුයේ පසුගිය වසරේ ජනවාරි මාසයේදී වන අතර එහිදී එක් දිනක කොවිඩ් මරණ සංඛ්‍යාව 18000 සීමාව  දක්වා ඉහල ගියේය . කෙසේ නමුත් එම මාසයේදී , දෛනික කොවිඩ් ආසාධන ප්‍රමාණය පැවතියේ ලක්ෂ 10 යේ සීමාවේය .

මේ පිළිබඳව පර්යේෂණ සිදුකල ජර්මානු විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මෙම කොවිඩ් ආසාධන හා මරණ අතර පරතරය ඉදිරියේදී තවදුරටත් පුළුල් වනු ඇති බවයි .

මේ වනවිට දෛනික ආසාධිතයින්ගේ සංඛ්‍යාවට සාපේක්‍ෂව දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 0.02% කට ආසන්නව පවතින බවත් මෙය පසුගිය වසරේ ජනවාරියේදී 1.8% පමණ ඉහල මට්ටමක පවතී බවත් එම විද්‍යාඥයින් පෙන්වාදෙ

worldometers වෙබ් අඩවිය ඊයේ දින නිකුත් කල නවතම දත්ත වාර්තා අනුවද මේ බව වඩාත් පැහැදිලිවේ .

 

දෛනික කොව්ඩ් මරණ …

 

දෛනික කොවිඩ් ආසාධිතයින්