කොවිඩ් එන්නත්කරණය අයාලේ යාමට ඉඩ හැරියහොත් ඉතා භයානක තත්වයක් ඉදිරියට ඇතිවිය හැකි බවත්, කෙසේ නමුත් එම අනතුර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් තවමත් තේරුම් ගෙන නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .
ශ්‍රී ලංකාව තුල කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවත්, ඊට ඇති එකම විසඳුම අවදානම් මට්ටමේ සිටින පුද්ගලයන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය ලබාදීම බවත් එම සංගමය අවධාරණය කර සිටී .
ඒ අනුව ප්‍රමුඛතා ලැයිස්තු මත එන්නත්කරණය සිදුවිය යුතු බවත් විශේෂයෙන් වයස අවුරුදු 60 ඉක්මවූ සියලු ශ්‍රී ලාංකිකයන්ට පළමුව එන්නත් ලබාදිය යුතු බවත් එම සංගමය සඳහන් කර සිටී .
එන්නත් මාත්‍රා මිලියන 30 ක් පමණ එකවර ගෙන්වා කඩිනමින් එන්නත් ලබාදීමෙන් වසංගත තත්වය සැළකිය යුතු මට්ටමකින් පාලනය කළ හැකි නමුත් එන්නත් ප්‍රමාණය ලබාදීමේදී වයස්ගත පුද්ගලයන් ඇතුළු අවදානම් මට්ටමේ සිටින පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව සංගමය සඳහන් කර සිටී
මෙරට වයස අවුරුදු 60 ඉක්මවූ ජනගහනය මිලියන 2.7 ක් වන අතර ඔවුන් සඳහා එන්නත් මාත්‍රා මිලියන 5.4 ක් අවශ්‍ය වේ.
.