නවතම පුවත්

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන “අවුල් ජාලයක්” වෙලා – ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විවිධ පාර්ශව වල ඇඟිලි ගැසීම් , අවිධිමත් තීන්දු තීරණ හා දුර්වල සලසුම්කරණයන් හේතුවෙන් මේ වනවිට මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක් බවට පත්ව ඇති බව  ශ්‍රී ලංකා  ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කර සිටී .

මෙම දුර්වලතා  හේතුවෙන්  එන්නතේ ඉල්ලුම හා සැපයුම අතරද විශාල නොගැලපීමක් මතුව ඇති බව එම සංගමය නිවේදනය කර සිටී .

පවතින සීමිත එන්නත් ප්‍රමාණය , සංකූලතා හා මරණ අවම  කිරීමේ අරමුණ සහිතව , නිවැරදි ප්‍රමුඛතාවයන් හඳුනාගනිමින් ලබාදී නොමැති බවද එම සංගමය සඳහන් කර සිටී

එන්නත්  වැඩසටහනට බාධා වන පරිදි  අනවශ්‍ය පාර්ශවකරුවන් ඕනාවට වඩා සම්භන්ධ කර ගැනීම පිළිබඳවද ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය සිය කනගාටුව මෙහිදී පළකර ඇත .

එන්නත්  මුදලට විකිණීම හා  නුසුදුස්සන්ට ලබාදීම සම්භන්ධවද චෝදනා රැසක් එන්නත්කරන වැඩසටහනට එල්ලවී ඇති බව සංගමය පවසයි

එසේම දේශපාලකයින් මෙන්ම ඇතැම් මාධ්‍ය සිදුකරන ප්‍රකාශ හේතවෙන් මෙතෙක් කලක් සාර්ථකව කරගෙන ආ එන්නත්කරන වැඩසටහන අපකීර්තියට පත්ව ඇති බවද එම සංගමය පවසයි .

බාහිර බලපෑම් වලින් තොරව තාක්ෂණික දැනුම ඇති නිලධාරීන්ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද මෙරට වත්මන්  එන්නත්කරන වැඩසටහනේ ඇති  දුර්වලතා හා ගැටළු සම්භන්ධයෙන් එම සංගමය  නිකුත් කර ඇත නිවේදනයේ දැක්වේ.

මෙම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ .

No photo description available.

No photo description available.

No photo description available.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්