කොවිඩ් එන්නත් පළමු තොගය ලබන 27 වැනිදා දිවයිනට

Picture of අසංක

අසංක

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් පළමු තොගය ලබන 27 වනදා දිවයිනට ගෙන ඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ මාත්‍රා ලක්ෂ 6ක් පළමු තොගය යටතේ මෙරටට ගෙන එන බවයි.

ඒ අනුව ඉන්දියාවේ සිට මෙම එන්නත් මාත්‍රා ආනයනය කිරීමට නියමිතය.