කොවිඩ් එන්නතෙන් සුපිරි ශක්තියක් – නවතම අනාවරණයක්

Picture of අසංක

අසංක

ඉදිරියේදී SARS-CoV-2 විසින් ඇතිකළ හැකි යැයි සිතන ඕනෑම ප්‍රභේදයකට එරෙහිව, බොහෝවිට සාර්ථකව සටන් කළ හැකි තරමේ සුපිරි ප්‍රතිශක්තිකරණයක් කොවිඩ් එන්නත මගින් ලැබෙන බවට නවතම සොයාගැනීමකින් අනාවරණය වී තිබේ.

කොවිඩ් ආසාදිත වූ පසු එන්නත් ලබාගත් අයට ඇතිවන දෙමුහුන්-ප්‍රතිශක්තිය හේතුවෙන් මෙවැනි සිපිරි ප්‍රතිශක්තියක් ලැබෙන බව අමෙරිකාවේ රොක්ෆෙලර් විශ්ව විද්‍යාලයේ වෛරස් රෝග පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන ඇත.

කොවිඩ් වෛරසය පෙර වැළඳී නොමැතිව එන්නත් ලබාගත් අයට වඩා කොවිඩ් වැළඳී සුවවූ එන්නත් ලබාගත් අයට ලැබෙන ප්‍රතිශක්තිය ඉතාම ගැඹුරු ආරක්ෂාවක් සහිත ප්‍රතිශක්තියක් බව ඔවුහු පෙන්වා දෙති.

කලින් කොවිඩ් ආසාදනය වී ඇති අයෙකුගේ පළමු එන්නත් මාත්‍රාවෙන් පසු ලැබෙන ප්‍රතිශක්තිය, මෙහිදී ක්‍රියාකරනු ලබන්නේ, කොවිඩ් -19 පෙර නොතිබූ අයෙකුගේ දෙවන මාත්‍රාවෙන් පසු ඇතිවන ආකාරයේ ප්‍රතිශක්තිකරණ වැඩිදියුණුවීමක් මෙන් බව සොයාගෙන ඇත.

COVID-19 වලින් සුවය ලබා, එන්නත ලබාගත් අයගේ සිරුර තුළ ඇතිවන ප්‍රතිශක්තිය මගින්, වඩා බරපතළ වෛරස විකෘති ප්‍රභේද විනාශ කිරීමට හැකියාව ඇති ප්‍රතිදේහ නිපදවන බවට මෙහිදී තහවුරු වී ඇත.

එය ස්වභාවිකව දක්නට ලැබෙන ඕනෑම ප්‍රභේදයකට වඩා වැඩි ප්‍රතිරෝධයක් පෙන්නුම් කරන බව විද්‍යාඥයෝ පවසති.

මේ අනුව කොවිඩ් ආසාදනය නොවූ පුද්ගලයින්ට මෙවැනි ප්‍රතිශක්තියයක් ලබාගත හැක්කේ තුන්වන එන්නත් මාත්‍රාවකින් පසු බව ද සොයාගෙන ඇත.

එන්නත් මාත්‍රාවන් අතර පරතරය දීර්ඝ කිරීමෙන් ද දෙමුහුන් ප්‍රතිශක්තිකරණයේ තත්ත්වයම අනුකරණය කොට ලබාගත හැකිය.