නවතම පුවත්

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 30 ක් හිස්වේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පහළ යෑම නිසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් එම කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව කොවිඩ් 19 සම්බන්ධීකාරක සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත  පැවැසීය.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ පහත බැස්ම විශ්ලේෂණය කර සෙසු මධ්‍යස්ථානද ඉදිරියේදී ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව හෙතෙම.පැවසීය

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ඇඳන් තිස් හතර දහස් හතෙන් ඇඳන් දහනම දහස් හය සිය හැටක් මේ වනවිට හිස්වී ඇතැයි පැවසූ හම්දානි මහතා කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කෙරුණු දැඩිසත්කාර ඒකක ඇඳන්වලින් සියයට හතළිහක් පමණද හිස්වී ඇතැයි පැවසුවේය.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස අඩුවී රට කොරෝනා රතු කලාපයෙන් කොළ කලාපයට පැමිණ ඇති බවද පවතින තත්වය ආරක්ෂා කර නොගතහොත් රතු කලාපයට ඉතාම ඉක්මනින් යළි ගමන් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්