කොවිඩ් එන්නත් ලබාදිමේ මීළග අදියරේදී සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුලු කාර්ය මණ්ඩලවලට සහ ග්‍රාම නිලධාරීන් හා සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ට ප්‍රමුඛතාව ලබාදීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එන් එම් චිත්‍රානන්ද මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාතයවරියට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනටමත් ඉල්ලම් කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති අතර මිළග අදියරේදී අදාල නිලධාරීන් වෙත ප්‍රමුඛතාව ලබා දෙමින් එන්නත්කරණය සිදුවන බවට තහවුරු කර ඇති බවද එම නිවේදනයේ සදහන්වේ.
එබැවින් මෙම අවස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු නොවී මහජනතාවට අවශ්‍ය සේවාන් කාර්්‍යක්ෂමව ඉටුකර දෙන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා අදාල රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටී .