නවතම පුවත්

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගැන නිශ්චිත තීරණයක් දෙන්න – PHI සංගමය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් ලබා දුන් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම නිශ්චිත නොමැතිවීම ගැටළුවක් බව   ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටී

මෙම එන්නත සම්බන්ධයෙන් පවතින් ඇතැම් ගැටළු හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම මහජනතාවද යාම ගැටලුකාරී තත්ත්වයක පසුවන හෙයින් එම දෙවන මාත්‍රාව ලබා දෙනවාද නැද්ද යන්න පිලිබඳව සෞඛ්‍ය බලධාරීන් හා රජයේ බලධාරීන් පැහැදිලි කළ යුතු බව ඔහු  මාධ්‍ය වෙත පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

”ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ අනෙකුත් හඳුනාගත් කණ්ඩායම් වෙත මෙන්ම මහජනතාවගෙන් කොටසකටත් දීලා තිබෙනවා. අප්‍රේල් 12 සිට දෙවන මාත්‍රාව ලබා දීමට නියමිත බව තමයි සෞඛ්‍ය බලධාරීන් කලින් ප්‍රකාශ කළේ. නමුත් මේ වෙද්දී ඒ එන්නත ලබා දීම සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ප්‍රකාශ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට සහ රජයේ බලධාරීන්ට හැකියාවක් ලැබිල නැහැ. කෙසේවෙතත් බොහෝ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරනවා මේ එන්නත සම්බන්ධයෙන් ඇතැම් ගැටළු පවතින බවට. ඒ වගේම එන්නත ලබා ගත්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වගේම මහජනතාවත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ඉන්නේ. ඒ නිසා රජයේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීම තමයි මේ මොහොතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දෙනවද? එය ලබාදෙනවා නම් ඒ කවදද? එහෙම නැත්නම් එය ලබාදෙන්නේ නැත්නම් ලබා නොදීමට හේතුව කුමක්ද සහ මෙහි පවතින ව්‍යාකූල තත්ත්වය නිරාකරණය වෙන විදිහට මහජනටහ්වට කරුණු පැහැදිලි කිරීම”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්