කොවිඩ් එන්නත ගත් අයට UAE සඳුදා සිට ඇරේ

Picture of අසංක

අසංක

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබාගත් සංචාරකයන් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අගෝස්තු 30 දා සිට සියලුම රටවලින් වීසා කැඳවා තිබේ.

එරට නව සංචාරක මාර්ගෝපදේශයන්ට අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අනුමත කරන ලද කොවිඩ් -19 එන්නත සංචාරකයින් ලබා ගෙන තිබීම අනිවාර්ය වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතෙක් ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොඩර්නා, ෆයිසර්-බයෝඑන්ටෙක්, සිනොෆාම් සහ සිනෝවැක් යන එන්නත් අනුමත කර ඇති බැවින් මෙම එන්නත් ලබාගත් සංචාරකයන්්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට අවසර හිමිවනු ඇත.

කලින් තහනම් කර තිබූ රටවල් ඇතුළුව සියලුම රටවල්වල පුරවැසියන්ට මෙම අවස්ථාව උදාවේ.

එපමණක් නොව සංචාරක වීසා මත පැමිණෙන මගීන් පැමිණීමේදී ගුවන් තොටුපලේදී කඩිනමින් PCR පරීක්ෂණයක් කළ යුතුය.

මගීන් තම එන්නත් කිරීමේ තත්වය රජයේ සෞඛ්‍ය යෙදුමේ ලියාපදිංචි කළ යුතුය.