නවතම පුවත්

මෙරට එන්නත් ක්‍රියාවලිය අසමතුලිතයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දැනට පවතින එන්නත්කරණයේ දත්ත පිළිබඳ බරපතළ ගැටලු පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී .

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය

“ජතික මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ සහ පළාත් මට්ටමේ දැනට පවතින එන්නත් ආවරණයේ දත්ත පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී තිබෙනවා. විශේෂයෙන් එන්නත් ලබානොගත් විශාල පිරිසක් බිම් මට්ටමේ ඉන්නවා. ඒ නිසා එන්නත් වැඩසටහනේ අසමතුලිත තත්ත්වයන් නිර්මාණය වෙලා. තවම එකම එන්නත් මාත්‍රාවක්වත් නොලැබුණු ග්‍රාම නිලධාරී කොට්ඨාස රාශියක් තියෙනවා. ඒ වගේම එන්නත් දෙකම ලබාගෙන යම් කාලසීමාවක් ගතකරපු ජනතාවත් ඉන්නවා.”

“ලංකාවේ ඕනෑම එන්නත් මධ්‍යස්ථානයකින් පළමු එන්නත් මාත්‍රාව ගන්න පුළුවන් කියලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා. ඒකෙන් පේන්නේ රටේ බිම් මට්ටමේ පවතින තත්ත්වය ගැන කාර්යසාධක බලකායේ නියෝජිතයෝ දන්නේ නෑ කියන එක. දිස්ත්‍රික්කය තුළ එන්නත් බෙදන්නේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ජනගහණය මත පදනම් වෙලා. ඒ ලැබෙන සීමිත එන්නත් ප්‍රමාණය කළමනාකරණය කරගන්නේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයක් පදනම් කරගෙන. එහි ජනගහනයට සාපේක්ෂව තමයි අපි එන්නත් මධ්‍යස්ථානයක් පිහිටවන්නේ. ඒකයි අදාළ කොට්ඨාසයේ ජනතාවට පමණක් ආරාධනා කරන්නේ එන්නත් ලබාගන්න. ඒ නිසා පිටතින් පිරිස් ඇවිත් එන්නත් ලබාගත්තොත් ඒ කොට්ඨාසයේ ජනතාවට එන්නත් ප්‍රමාණවත් නොවීම නිසා ගැටලු ඇතිවෙනවා. ඊට පස්සේ ජනතාව අතර ගැටුම් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි නැවත වරක් අවධාරණය කරන්නේ තමන්ට කිසිදු අවස්ථාවක් නෑ තමන්ගේ ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙන් හැර හෝ විශේෂ දැනුම්දීමක් නොකරපු ස්ථානයකින් පළමු මාත්‍රාව ලබාගන්න. කිසිසේත් තමන්ට අදාළ නැති එන්නත් මධ්‍යස්ථානයකට ගිහින් අනවශ්‍ය අර්බුද ඇති කරන්න එපා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්