කොවිඩ් එන්නත නොගත් තවත් වැඩිහිටියන් 85000ක් නිවෙස්වල !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් 85,000 ක් මෙතෙක් කොරෝනා මර්දන එන්නත ලබාගෙන නොමැති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි .

එහි ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද මහතා මාධ්‍ය වෙත පැවසුවේ   එම පුද්ගලයන්ගේ තොරතුරු ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් ලබාගෙන සෞඛ්‍ය අංශ වෙත ලබාදීමට මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී එම පුද්ගලයින් සොයා කොරෝනා මර්දන එන්නත ලබාදීමට නියමිත බවද ඒ මහතා පැවසීය .

මෙම බොහෝ දෙනා නිවසෙන් පිටතට යාමට ඇති විවිධ බාධා හේතුවෙන් මෙසේ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති බව වාර්තාවන බවද ඒ මහතා පැවසීය .