නවතම පුවත්

මත්පැන් නිසා දිනකට ශ්‍රී ලාංකිකයින් 55ක් මියයනවා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මත්පැන්  භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 55 දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත් වන බව දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය අවධාරණය කර සිටී

එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්‍ෂ  මාධ්ය වෙත සදහන් කළේ මත්පැන්  භාවිත කරන පුද්ගලයන් හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද ආර්ථික හා සමාජීය ගැටළු රැසකට මුහුණ දෙන බවයි.

මත්පැන්  භාවිතය හේතුවෙන් පැයකට රුපියල් කෝටි දෙකක වියදමක් දැරීමට සෞඛ්‍ය අංශවලට සිදුව ඇති බවද  ඔහු සදහන් කළේය .

කෙසේවෙතත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙරට තුළ මත්වතුර භාවිතයේ අඩුවක් දක්නට ලැබෙන බවත්  දුම්කොල සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්‍ෂ වැඩිදුරටත් සදහන් කළේය .

ලෝක අමද්‍යප දිනයද අදට යෙදී ඇති අතර මේ හේතුවෙන් අද දිනයේ සුරාසැල් වසා තැබීමට නියෝග කළ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්