කොවිඩ් එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව  ලබාගත් මෙරට  සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන් පිරිසක් යොදාගනිමින් කල පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ එම පිරිසෙන් සියයට 93කට ආසන්න සංඛ්‍යාවකගේ ශරීර තුල කොවිඩ් වෛරසයට එරෙහි ඉහල ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවය .

මෙම පිරිස් දෙවන එන්නත් මාත්රාවද ලබාගත් පසු වඩාත් ප්‍රබල ප්‍රතිශක්තියක් ඔවුන්ගේ ශරීර  තුල වර්ධනය වනු ඇති බවද ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී   මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මාධ්‍ය වෙත අද පැවසීය .

මෙය සතුටු දායක තත්ත්වයක් වන නමුත් මෙහි සාර්ථක ප්‍රතිඵල නිසි ආකාරයෙන් ලබාගැනීමට නම් තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව පියවර ගත යුතු බවද ඇය අද දින මාධ්‍ය හමුවේ පැවසීය

එන්නතේ  පළමු මාත්‍රාව ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන  අතර  ශරිරයන්හි කෝවිඩි වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීම සම්පූර්ණවීමට නම් එහි දෙවැනි මාත්‍රාව අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව ද ඇය මෙහිදී පැවසුවාය

තවදුරටත් මෙරට එන්නත්කරණයේ ප්‍රතිඵල සම්භන්ධව පර්යේෂණ සිදුකරන බවද මහාචාර්යවරිය පැවසුවාය