නවතම පුවත්

කොවිඩ් එන්නත ලබාදීමේදී වැඩකරන ජනතාවටත් ප්‍රමුඛස්ථානයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තු සැකසීමේ දී වැඩකරන පන්තියේ ජනතාවටද ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුවද මෙම එන්නත ලබාදීමේදී  වැඩ බිම්වලට  යම්  ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුව ඇති බවත්  මෙහිදී රටේ ආර්ථිකය පවත්වා ගෙන යාමේ ක්‍රියාවලියට අදාලව   වැඩකරන පන්තියේ ජනතාව දක්වන දායකත්වය සැලකිල්ලට ගත යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටී

ඒ අනුව වැඩබිම් හා කර්මාන්ත ශාලා වලට  එන්නත කඩිනමින්  ලබාදීම පිළිබඳව සලකා බැලිය යුතු බවත්  දී සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රේසියා පෙන්ඩ්සේ (Dr.Razia Pendse) මහත්මිය සමග  අද (13) කම්කරු අමාත්‍යාංශයේ දී පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා පැවසීය .

.covid වසංගතයෙන් මේ රටේ වැඩකරන ජනතාව බේරා ගනිමින්, වැඩබිම් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමට ඉඩ නොතබා ශක්තිමත්ව පවත්වා ගෙන යන වැඩ පිළිවෙළට සිය සම්පූර්ණ සහයෝගය ලබා දීමට කැමැත්තෙන් සිටින බව මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රේසියා පෙන්ඩ්සේ (Dr.Razia Pendse) පැවසුවාය.

මෙම කෝවිඩ් මර්දන එන්නත ලබාදීම රජය මගින් දැනට මනා ලෙස ස්ථාපිත කර ඇති මෙරට සෞඛ්‍ය සේවා ජාලය ඔස්සේ සිදු කිරීම ඉතාමත් උචිත බවද රේසියා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, කෝවිඩ් වසංගතය වැඩබිම්වල පැතිරයාම වැළැක්වීම සඳහා සහ කෝවිඩ් ආසාදනයට ලක් වන වැඩකරන ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීමට මේ වන විටත් සෑම වැඩබිමක සෞඛ්‍ය කමිටු පිහිටුවීම අනිවාර්ය හා අත්‍යවශ්‍ය කාරණයක් බවට රෙගුලාසි පනවා ඇති බවය.

එම රෙගුලාසි ප්‍රකාරව අදාළ ක්‍රියාකාරකම් වැඩබිම් තුළ ක්‍රියාත්මක වන්නේ ද යන්න පසු විපරම් කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් හා කම්කරු නිලධාරීන් කටයුතු කළ යුතු බවට ද උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

කෝවිඩ් එන්නත බෙදා දීමේ දී විශේෂයෙන්ම ආදායම් අඩු ජන කොටස් සඳහා එය නොමිලේ ලබා දිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන ඇති තීරණය අගය කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

කොවිඩ් මර්දනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක සභාවට පත්කර ඇති එකම ශ්‍රී ලාංකික නියෝජිතයා වන වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්විය  එසේම  මෙම සාකච්ඡා අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ අකිල….ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රි ලංකා කාර්යාලයේ ජාතික වැඩසටහන් නිලධාරි වෛද්‍ය වර්ජිනියා මල්ලවාරච්චි යන අය ද එක් වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්