නවතම පුවත්

කොවිඩ් එන්නත ලබාදීම තවත් කාර්යක්‍ෂම කරන්න – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

කොරෝනා ව්‍යාප්තිය  පාලනය කර සමාජය  තුළ ස්ථාවරභාවයක් ඇතිකිරීම සඳහා හැකි ඉක්මණින් පොදු මහ ජනතාවට  එන්නත ලබා දීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

ඒ අනුව තවදුරටත් එන්නත ලබාදීම කාර්යක්‍ෂම කල යුතු බවත් , සමාජයේ අවදානම් කාණ්ඩ වලට මෙම එන්නත වහා ලබාදීමට පියවර ගත යුතු බවත් එම සංගමය අද මාධ්‍ය  වෙත පැවසීය .

ෆයිසර් සහ මොඩර්නා යන එන්නත්වලට වඩා ශ්‍රී ලංකාව තුළ භාවිතා වන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු අබාධ ඉතාම අවම මට්ටමක පවතින හෙයින් අපගේ තෝරා ගැනීම නිවැරදි බවද  එම සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත පැවසීය

විශේෂයෙන් මේ මොහොතේ කොවිඩ් 19 වෛරසය ආසදනය වී තිබෙන අයට එන්නත ලබා නොදෙන අතර රෝගය වැළඳී සුවය ලබා සති දෙකක වගේ කාලයක් ඉක්මවා ගිය පසු එන්නත ලබා ගැනීමේ ප්‍රශ්නයක් නැති බවද ඔහු කියා සිටි අතර දීර්ඝ කාලීන රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබන අයටද මෙම එන්නත ලබා දිය හැකියි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවල සඳහන් වන බවද හෙතෙම පැවසුවේය.

අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සංස්කාරක හරිත අළුත්ගේ මහතා පැවසුවේ එන්නත ලබා දීමෙන් පසු වුවද 20%ක පමණ රෝගය වැළඳීමේ අවදානමක් පැවතියද රෝගය දරුණු නොවන අතර සංකූලතා ඇති වීමට තිබෙන ඉඩ ඉතාම අවම වන අතර මරණ සිදුවීමට තිබෙන ඉඩ ඉතාම අවම බවයි.

කොවිඩ් රෝගයේ තිබෙන මරණ හා සංකූලතා ඉවත් කරගැනීමට හැකි වුවහොත් ඉතිරි වන්නේ හෙම්බිරිස්සාව,කැස්ස වන හෙයින් එම තත්ත්වයට ගෙන එම සඳහා කඩිනමින් ජනතාවටත් එන්නත ලබා දීමට කාර්යක්ෂම විය යුතු බවද  අළුත්ගේ මහතා කියාසිටියේය .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්