නවතම පුවත්

කොවිඩ් එන්නත හා ලිංගික දුබලතා ඇතිවීම අතර සම්භන්ධයක් තිබේද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගැනීම මගින් ලිංගික සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව ජාත්‍යන්තර පර්යේෂණවලින් පවා තහවුරු වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට මහතා පවසයි .

. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටි අතර , කොව්ඩ් එන්නත හා ලිංගික දුබලතා ඇතිවීම අතර කිසිදු සබඳතාවයක් නොමැති බවද ඒ මහතා මෙහිදී පැවසීය

.සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යයන් තුල ප්‍රචාරය වන පදනමක් නොමැති තොරතුරුවලට නොරැවටී කොවිඩ් මර්දන එන්නත ලබාගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට ජනතාවගෙන් ඉල්ලා සිටී .

අසත්‍ය හා මිත්‍යා ප්‍රචාරයන්ට නොරැවටී හැකි ඉක්මනින්ම මෙම කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස විශේෂයෙන් තරුණ   ප්‍රජාවගෙන් ඉල්ලා සිටින   බවද ඒ මහතා මෙහිදී පැවසීය ..

මේ අතර කොවිඩ් එන්නත පුද්ගලයෙකුගේ සරුභාවයට බලපාන බවට “පිළිගත හැකි ජීව විද්‍යාත්මක යාන්ත්‍රණයක්” නොමැති බව ලන්ඩන් කිංග්ස් විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ මහාචාර්ය සහ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ ප්‍රකාශක මහාචාර්ය ලුසි චැපල් මහතාද ජාත්‍යන්තර මාධ්‍ය වෙත  සඳහන් කර ඇත .

වෛරසයේ වඩාත් සුවිශේෂී කොටස් වටා එන්නත නිර්මාණය කර ඇත්තේ එය ශරීරයට ඇතුළු වූ පසු වෛරසය පමණක් හඳුනා ගැනීම තහවුරු කිරීම සඳහාය.

මහාචාර්ය ලුසි චැපල් පවසන්නේ, අදාළ ප්‍රෝටීනවල යම් සමානකම් ඇති නමුත් එයින් “කිසිවක් අදහස් නොකෙරෙන” බවය. සොබාදහමේ විවිධ ස්ථානවල ද සමාන ප්‍රෝටීන විශාල ප්‍රමාණයක් පවතින අතර, ඒවායේ ප්‍රමාණය සහ අනුක්‍රමය අනුව සුවිශේෂී තත්ත්වයක් ලැබෙන බවද  ඇය පැවසීය.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ  මහත්මිය මේ පිළිබඳව කල විමසීමකදී පැවසුවේ දැනට අනුමත වී ඇති කෝවිඩ්-19 එන්නත්වලින් වඳභාවය ඇති විය හැකියි යන මතය  දේ මිත්‍යාවක් වන බවයි .. ඒක කිසිසේත්ම විශ්වාස කල නොහැකි ප්‍රකාශයක් බවද ඇය පැවසීය .

යම් පුද්ගලයෙක් එවැනි කතාවක් හැදුවේ කොහොම ද කියන එක වටහා ගන්න අපහසුයි. එය නියත වශයෙන්ම පදනම් විරහිත සහ සත්‍යතාවයක් නොමැති දෙයක්,” මහාචාර්යවරිය තවදුරටත් කරුණු පැහැදිලි කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්