කොවිඩ් කමිටුවෙන් එළියට ඇවිත් රාජ්‍ය ඇමති චන්න කියූ දේ

Picture of අසංක

අසංක

සම්පූර්ණයෙන් රට වසා දැමීමේ තීරණයක් ගෙන නොමැති අතර සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා තිබේ.

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සමාලෝචනය සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැති කොවිඩ් කමිටු රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා මේ ව පවසා තිබේ.

දැඩි කෙරෙන සංචරණ සීමා පිළිබද අද සව​ස යුද හමුදාපතිවරයා විසින් නිල වශයෙන් දැනුම්දෙනු ඇති බව ද හෙතෙම පවසා ඇත.