නවතම පුවත්

කොවිඩ් කරල ලංකාවටත්

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් මර්දනය සඳහා අමෙරිකානු සමාගමක් වන මර්ක් විසින් හඳුන්වාදී ඇති ඖෂධ කරල මෙරට භාවිතය වෙනුවෙන්, ඊට අදාළ පර්යේෂණ සිදුකර නිර්දේශ ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

මූලික ප්‍රතිඵල සාර්ථක වී ඇති එහෙත් මේ වනවිටත් පරීක්ෂණ මට්ටමේ පවතින ‍මෙම ඖෂධ කරල නිවැරදි මාත්‍රාව ලබාදුන් විට කොවිඩ් වැලඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින් රෝහල්ගත කිරීම සහ මරණ අඩකින් පමණ අඩුකර ගත හැකි බව සොයාගෙන තිබේ.

එහිදී සිදුවන්නේ මෙම ඖෂධය මිනිස් සෛල තුළදී කොරෝනා වෛරසය අනුකරණය කරමින් කොරෝනා වෛරසය විනාශ කිරීම වන අතර වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම ඖෂධ කරල සාර්ථක වුවහොත් කොරෝනාවට එරෙහි සටන සාර්ථක කරගැනීම පහසු බවය.

මර්ක් සමාගම පැවසුවේ ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිට එම ඖෂධ කරල සඳහා ඇණවුම් ලබාදී ඇති බවය.

“මර්ක් කියන ඖෂධ නිෂ්පාදන සමාගම කොවිඩ් රෝගය සඳහා කරලක් නිෂ්පාදනය කරලා තියෙනවා. මොල්නුපිරවිය නමින් හඳුන්වන. කොවිඩ් -19 රෝගය මර්දනය සඳහා ලෝකයේ රටවල් ගණනාවක් මෙම කරල යොදාගැනීම සඳහා අවධානය යොමුකර තිබෙනවා. ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ලෙස අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ අදහස විමසලා මෙය අපේ රටට ගෙනඒම අවශ්‍ය ද, ගේනවා නම් මොන දිනවලද ගේන්න ඕන, මොන ප්‍රමාණවලින් ද? කියන එක ගැන අපිට නිර්දේශ ලබාදෙන්න කියලා.” යැයි රාජ්‍ය ඇමතිවරයා කීය.

මේ අතර ෆයිසර් එන්නත සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ “ෆයිසර් ඇරෙන්න සියලුම එන්නත් මේ වනවිට අපේ රටට ගෙනල්ලා ඉවරයි. අපිට ඉදිරියේදී ෆයිසර් එන්නත පමණයි ලැබෙන්න තියෙන්නේ. තවත් ෆයිසර් මිලියන 14.5ක් ඉදිරියේදී ලබාගන්න බලාපොරොත්තුවෙනවා.” යනුවෙනි.
——

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා