නවතම පුවත්

කොවිඩ් දත්ත පරස්පරය තවත් දරුණුයි GMOA

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

රජයේ සංඛ්‍යා ලේඛනවලට මේ වනවිට  ඇතුළත් වන්නේ කොවිඩ් නිව්මෝනියා තත්වයෙන් මියයන පුද්ගලයන් පමණක් බව.රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වාදේ.

කොවිඩ් ආසාදිතව වෙනත් රෝග හේතුවෙන් මියයන පුද්ගලයන්ද මෙම දත්තවලට ඇතුළත් කළහොත් කොවිඩ් වසංගතය හේතුවෙන් දෛනිකව අහිමි වන ජීවිත ප්‍රමාණය මීට වඩා විශාල අගයක් ගනු ඇති  බවද එම සංගමය පෙන්වාදෙ .

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව දෛනික කොවිඩ් මරණ ප්‍රමාණය 200 ආසන්නයට පැමිණ ඇති බවත්, මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට බැරි තත්වයට, ශ්වසන ආබාධ සහිත කොවිඩ් රෝගීන්ට රෝහලක ඇඳක් සොයාගත නොහැකි තත්වයට රෝහල් ධාරිතාවය අර්බුදයට ගොස් ඇති බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි

මතුව ඇති අවදානම් සහගත තත්වය හේතුවෙන් රට වසා දමනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වුවත් ආණ්ඩවු තවමත් ඒ සඳහා සූදානම් නොමැති බවද සංගමය සඳහන් කර ඇත .

. කොවිඩ් වෛරසය හැසිරෙන ආකාරය අනුව සිදුවන වෙනස්කම් අනුව අපේ හැසිරීම්ද වෙනස් වියයුතු බවත්, පළමු කොවිඩ් රැල්ල පාලනය කළ ආකාරයෙන් මෙවර එය පාලනය කළ නොහැකි බව සියලු දෙනාම තේරුම් ගත යුතු බවත් සංගමය පවසයි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්