පැතුම් වික්‍රමරත්න
කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ලබන 19 වැනි දා සිට අරඹන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී.
කෝවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව පසුගිය ජනවාරි මස 29 වැනි දා ලබාගත් අයට අප්‍රේල් 19 වැනි දා දෙවැනි මාත්‍රාව ලබාදිය හැකි බව ද ඇය මාධ්‍ය වෙත අද පැවසීය.
ඒ සඳහා එන්නත් සූදානම් කර ඇති බවත් එන්නත් තවත් තොගයක් ඉන්දියාවෙන් ළඟදීම ලැබීමට නියමිත බවත් ඇමැතිවරිය මෙහිදී පැවසීය.