නවතම පුවත්

පරිසර විනාශය වළකන්න විශේෂ ඒකකයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

 

පරිසර විනාශ කිරීම් සිද්ධීන්වලට කඩිනමින් සහ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක විය හැකි නව  ඒකකයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත්ව ඇත .

 

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්  මෙම  යෝජනාව ඉදිරිපත් කර ඇත.

 

එම නව ඒකකකයට පරිසර, වනජීවි, වන සංරක්‍ෂණ, මහජන ආරක්‍ෂාව සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි රජයේ ආයතනවල වගකිව යුතු නිලධාරීන් ඇතුළත් විය යුතු බව  අමාත්‍යවරයා යෝජනා කර ඇත .

 

ඊට සමගාමීව මාධ්‍ය ඒකකයක් ස්ථාපනය කළ යුතු බව ද එම උපදේශක කාරක සභාවේ තීරණය වී ඇති අතර පරිසර විනාශය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වැළැක්වීම  හා  ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන වැදගත් ප්‍රවෘත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම එම ඒකකයෙන් සිදුවන බව යෝජනාවේ දැක්වේ .

 

අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පරිසර කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී, දිවයින පුරා මතු වී තිබෙන පරිසර ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බවද වාර්තාවේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්