නවතම පුවත්

කොවිඩ් දේහ භූමදානයට  ඉඩදෙනවා  – අගමැති පාර්ලිමේන්තුවට දන්වයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

ඉදිරියේදී මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයෙ (10) දැනුම් දුන්නේය.

 

ඒ විපක්ෂ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කළ විමසීමකට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.

 

ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ, වසංගත හා COVID රෝග පාලන රාජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙරේදා පාර්ලිමේන්තුවේදී කියාසිටියේ ජලය හරහා කොවිඩ්  පැතිරෙන්නේ නැති බවය.

 

එසේනම් භූමදානය සඳහා තවමත් අවසර නොදෙන්නේ මන්දැයි මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී විමසීය.

 

ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අග්‍රාමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කරන ලදී.

 

මුස්ලිම් කොවිඩ් වින්දිතයින් ආදාහනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළුව සමාජමය වශයෙන් මෙන්ම ජගත් මානව හිමිකම් සංවිධානයව දැඩි අවධානයට හා විවේචනයට ලක්කරන ලද්දක් විය.

 

කොරෝනා වෛරස ආසාදිතයින් භූමදානය මගින් ජල උල්පත් හා මිශ්‍රවී ජලය හරහා පැතිරීමේ අවදානමක් පිළිබඳ අවධානයට ලක්කරමින් විශේෂඥයෝ මීට පෙර භූමදානය ප්‍රතික්ෂේප කළහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්