කොවිඩ් නැති උ.කොරියාව එන්නත් එපා කියයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

මාත්‍රා මිලියන 3ක කොවිඩ් – 19 එන්නත් ප්‍රදානයක් උතුරු කොරියාව විසින්   ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ අනාවරණය කර සිටී

ඒ අනුව  කොවැක්ස් පහසුකම යටතේ ලැබීමට නියමිතව තිබූ කොවිඩ් එම එන්නත් තොගය එන්නත් හිඟ වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටකට ලබා දෙන ලෙස උතුරු කොරියාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දී ඇති බවද වාර්තාවේ .

දුප්පත් රටවලට එන්නත් ලබා ගැනීම උදෙසා වූ කොවැක්ස් වැඩසටහන යටතේ චීනයේ නිෂ්පාදිත එම සිනොවැක් එන්නත් තොගය උතුරු කොරියාව සඳහා වෙන් කර තිබිණ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, පසුගිය අගෝස්තු 19 වන තුරුත් උතුරු කොරියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හඳුනාගත් බවට වාර්තාවී නොමැති බවය.

සෞඛ්‍ය සේවකයින් ඇතුළු උණ සහිත පුද්ගලයින් 37,291 පමණ පරීක්ෂාවට ලක් කර ඇතත් එම පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඔවුන් කිසිවෙකු ත් කොරෝනා ආසාදිතයින් නොවන බවය

උතුරු කොරියාව කොරෝනා වෛරස ව්‍යාප්තිය මූලාරම්භයේදී ම රට තුළට වෛසරය ඇතුළු වීම පාලනයට දැඩි නීතිරීති බලාත්මක කළ අතර එරට සැලකෙන්නේ, වෛරස ව්‍යාප්තිය ආරම්භයේදී ම දේශසීමා වසා දැමූ පළමු රටවල් කිහිපය අතරින් එකක් ලෙසය.

උතුරු කොරියාව කොවිඩ් මර්දන එනන්ත් ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව මෙය නොවන අතර පසුගිය ජුලි මාසයේදී ද මිලියන 2කට ආසන්න ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත් තොගයක් මෙන්ම රුසියාව ලබා දීමට සූදානම් වූ ස්පුට්නික් එන්නත් ද ප්‍රතික්ෂේප කර තිබිණ.

මේ පිළිබඳව රොයිටර්ස් පුවත් සේවයේ පළවූ ලිපිය මෙතැනින් .