කොවිඩ් නියුමෝනියාවෙන් පෙලෙන රෝගීන් දහසක්,මෙරට රෝහල්වල !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනය අනාවරණය කර සිටී

ඒ අනුව ශ්‍රී ලංකාව අද වන විට ඉතා අවදානම් සහගත තීරණාත්මක අවස්ථාවක පසුවන බවත් , මේ  අවස්ථාවේදී කොවිඩ් මර්දනයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරි සති තුනක හතරක කාලය තුළ ඉතා දරුණු ව්‍යසනකාරී තත්වයක් මතු විය හැකි බවත් ජාතික බෝ වන රෝග විද්‍යායතන අධ්‍යක්‍ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කර සිටී .

කොවිඩ් නියුමෝනියාව ඇතිවන අයගෙන් මියයන්නේ ඉතා අඩු සංඛ්‍යාවක් වන නමුත්  එම නිව්මෝනියා තත්වය  උත්සන්න වී තිබීම, වයස අවුරුදු 60ට වැඩිවීම හා වෙනත් රෝගාබාධ තිබීම වැනි අවස්ථාවලදී රෝගියා මියයාමට අවස්ථාවක් තිබෙන බව ද ඒ  මහතා අද මාධ්‍ය වෙත පැවසීය

මේ වයිරසය පහසුවෙන් මැරෙන වයිරසයක් බවත් නිතර දෑත් පිරිසිඳු කිරීම, නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගැනීම, ජනතාව ගැවසෙන තැන් මගහැරීම මගින් ඉන් ආරක්ෂා විය හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.