නවතම පුවත්

කොවිඩ් නිසා අසාධ්‍යවන රෝගීන් ගණන අඩුවෙලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාදනයවී  අසාධ්‍ය  තත්වයට පත්වන රෝගීන්ගේ  සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් පහත බසිමින් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත පැවසීය

ඒ අනුව රෝහල්වල සිටින ,  බාහිර ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අද (01) වනවිට 959ක් දක්වා පහත බැස ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එම සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් අඩු වනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බවද ඒ මහතා  පැවසුවේය.

නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමද ඉදිරි සතිවලදී සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව තාක්ෂණික සේවා අධ්‍යක්ෂවරයා පැවැසීය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්