නවතම පුවත්

කොවිඩ් නිසා රටට අහිමි වූ ආදායම බිලියන 1600ට වැඩියි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම වසරේ මේ දක්වා කාලය තුළ රජයට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ ආදායමෙන් රුපියල් බිලියන 1,600 ක ප්‍රමාණයක් අඩුවී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය .

මුදල් පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිශන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ තවත් පනත් කිහිපයක් යටතේ පනවා ඇති රෙගුලාසි සහ නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී ඒ මහතා ඒ බව පැවසීය .

මෙසේ අහිමි වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සංචාරක අංශවලින් ලැබීමට නියමිතව තිබූ ආදායම් යැයිද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගුවෙන් ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් අහිමිවී ඇත්තේ විදේශයන්ගෙන් වාහන ගෙන්වීම වසර එක හමාරක සිට නවතා දැමීම නිසා බවත් රටේ ආර්ථිකය පවත්වා ගෙන යෑම සඳහා වාහන ගෙන්වීම මෙසේ තාවකාලිකව නවතා දැමූ බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබෙන වැට් ආදායමද සියයට 75කින් පමණ පහත බැස ඇතැයි පැවසූ මුදල් ඇමැතිවරයා ආදායම අඩු වුණත් වියදම අඩුවී නැතැයිද පැවසුවේය.

මෙරටට ලැබෙන විදේශ ණය ආධාරද අඩු වී ඇති බවත් කොවිඩ් මර්දන එන්නත් වලින් සියයට අසූවක් පමණ මිලදී ගෙන ඇත්තේ මුදලට බවත් බැසිල් රාජපක්ෂ මහතා කීවේය .

රටේ විදේශ සංචිතද පහත බැස ඇතැයිද හෙතෙම සඳහන් කළේය. ටේ ආර්ථික ස්ථාවරතාවය තහවුරු කිරීම සඳහා සමහර ඖෂධ වර්ග මෙරටේ නිපදවීම ඇරඹූ බවත් සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය සේලයින් පසුගිය පළවෙනිදා සිට මෙරටදීම නිපදවන බවත් රාජපක්ෂ මහතා පැවසුවේය.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්