නවතම පුවත්

කොවිඩ් නිසා ලංකාවේ සෑම පැයකම 5ක් මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* ඩෙල්ටා පැතිරීම නිසා ලංකාවෙනුත් නව ප්‍රභේදයක්

දම්පත් රණසිංහ

පවතින තත්ත්වය හමුවේ සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියාමේ තත්වයක් මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

දෛනිකව වාර්තාවන කොවිඩ්- 19 වෛරස ආසාදිතයින් මෙන් කිහිප ගුණයකින් වැඩි පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව එම සංගමය අවධාරණය කරයි.

මෙරට තුළ කොවිඩ් මරණ 124ක් පෙරේදා (10) සිදුවී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ තහවුරු කළේය. ඒ අනුව මෙරට කොවිඩ් මරණ සමස්තය 5,464ක් දක්වා ඉහළ යයි.

දිනක් තුළ මෙරට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. එමෙන්ම දිනක් තුළ කොවිඩ් මරණ 100 ඉක්මවා අඛණ්ඩව වාර්තා වූ තුන්වැනි දිනය ඊයේ දිනය විය.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට වඩා අඩු ඒක පුද්ගලයෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 28 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 95 දෙනෙකු අයත් වියි. ඊයේ (11) දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 2,890 ක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එය පවතින වෛරසය අභිබවා යාමට හැකිවනු ඇතැයි ද සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය
පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වුවත් බොහෝ ප්‍රභේදයන් පවතින වෛරසය සමග තරග කිරීමට නොහැකි වීම නිසා මතු වීමට ප්‍රථම නැති වී යන අවස්ථා වැඩි බවද ඇය කියා සිටියාය. අද වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය උපරිමයට ළඟා වෙමින් පවතින බවත් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් එය කඩා වැටීමට ලක්වනු ඇති බව පැවසූ ඇය පවතින තත්ව පාලනය සදහා සංචරන සීමා පනවන්නැයි රජයෙන් තම සංගමය ඉල්ලා සිටි බවත් ඇය කියා සිටියාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්