කොවිඩ් නීති කැඩූ 80,000ක් අත්අඩංගුවට අරන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවටගත් පුද්ගලයින් ගණන ඊයේ සවස වන විට 80,000 ඉක්මවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවේ ඊයේ (4) උදෑසන 6.00 න් අවසන් වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 95 දෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

එම කාලය තුළ කිසිදු නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් ගමන් කළ කිසිදු වාහනයක් පොලිස් භාරයට ගෙන නොමැති වීමද විශේෂිතය.