නවතම පුවත්

කොවිඩ් පරීක්ෂණවලට පාලන මිලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පෞද්ගලික ‍රෝහල් මගින් කරනු ලබන කොවිඩ් පරීක්ෂණ සඳහා රජය පාලන මිලක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව PCR පරීක්ෂණයකට උපරිම ගාස්තුව රු. 6,500/= ක් සහ රු. පුද්ගලික සෞඛ්‍ය සේවා සඳහා නියම කර ඇති වේගවත් ප්‍රතිදේහජනක පරීක්‍ෂණයකට 2,000/= උපරිම ගාස්තුව ලෙස සීමා කර ඇත.

මෙම ගාස්තු ප්‍රකාශයට පත්කරමින් අදාළ ගැසට් නිවේදනය හෙට නිකුත් කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

පැතුම් වික්‍රමරත්න

මාරාන්තික ඉබෝලා වෛරසය කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති  නව මාරාන්තික  වෛරස් රෝගයක් මේවනවිට  අප්‍රිකානු ගිනියා රාජ්‍යය ආශ්‍රිතව පැතිරෙමින් ඇති බව  වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටි.

මෙම මාබර්ග් වෛරසයෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක් තරම් ඉහළ අගයක පවතින බවයද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත

පසුගිය අගෝස්තු 02 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතික පුද්ගලයෙකුගේ රුධිර සාම්පල වලින් මෙම වෛරසය හමුවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

එම වෛරසයේ  පැතිරීම වැළැක්වීම සඳහා වහා  පියවර ගත යුතු බවද  ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ කාර්යාලය  ප්‍රකාශ කර ඇත .

මෙම වෛරසය කොරෝනා වෛරසය මෙන් වවුලන්ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙස සලකනු ලබන අතර වෛරසය මිනිසාගෙන් මිනිසාට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවද  ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත .

මාබර්ග් රෝග ලක්‍ෂණ ලෙස අධික උණ සහ මාංශ පේශි වේදනාව ප්‍රධාන වන අතර ඇතැම් රෝගීන් ගේඇස් සහ කන් වැනි ශරීර විවරයන් තුළින් රුධිරය ගැලීම සිදුවන බවටද  හඳුනාගෙන ඇත .

මෙම වෛරසය ආසාදනය වීමේ බීජෞෂණ කාලය දින 2 – 21ක් පවතින බවද ලෝක සෞඛ්‍ය   සංවිධානය සඳහන් කර ඇත ..

මෙම නව වෛරසය මතුව ඇත්තේ යළිත් වරක් මතුවූ ඉබෝලා වෛරසයෙන් පිඩා විදි ගිනියා රාජ්‍ය ඉන් නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකට පසුව වීමද විශේෂත්වයකි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්