රට තුළ කොවිඩ් 19 වසංගතය, පාලනය කරගන්නා තුරු සුරා සල් වසාතබන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ මෙවැනි වසංගත තත්ත්වයක් පාලනය කරගත හැක්කේ ජනතාව සිහියෙන් තබාගෙන මිස ඔවුන් මත් කර නොවන බවය..
රන් භාණ්ඩ උගස් මධ්‍යස්ථානවල පෝළිමේ සිට අනෙක් පස ඇති සුරා සැලට ගොස් නිවසට යන තත්ත්වයට රට පත්නොකරන ලෙසද ශනාල් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .
ආර්ථික වශයෙන් ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක මත්පැන් වැනි දේ අත්‍යවශ්‍ය භාණ්ඩ නොවන හෙයින් එම අලෙවි සැල් වසා තබන ලෙස ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය .